Colombo Today Local News

ඥානසාර හිමි ධර්ම චාරිකාවේ යෙදෙති – මේ වසරේ 270 වන ධර්ම දේශනය අද හොදැල්ලදී

gnanasara_thero_dhammaබොදු බල සේනා මහ ලේකම්, විචිත්‍ර ධර්ම කථික, රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ වසරේදී ධර්ම දේශනා 270 කට අධික ප්‍රමාණයක් සිදුකර ඇති බව වාර්තා වෙනවා. කටින පින්කම් සිදු කරන මේ මාසයේ බොහෝ දිනවලදී දිනකට ධර්ම දේශනා දෙකක් යෙදී ඇති බවයි එම සංවිධානය සදහන් කර සිටියේ. Colombo Today වෙත සම්මුඛ සකජ්ජාවක් ලබාගැනීම සදහා දුරකථනය ඔස්සේ අප උන්වහන්සේව සම්භන්ධ කර ගැනීමට උත්සහ දැරූ අතර මේ මස 30 වනදා දක්වා සෑම දිනකම දිවයිනේ විවිධ ප්‍රදේශවලදී පැවැත්වෙන ධර්ම දේශනා හේතුවෙන් වෙලාවක් ලබා ගැනීමට අපට නොහැකි විය.

අමා වැස්ස නිර්මානය කරමින් අයාලේ යන තාරුණ්‍ය යහමගට ගැනීම සදහා තාරුණ්‍ය මෙහෙයවූ උන් වහන්සේගේ සුමිහිරි ධර්ම දේශනා විලාසය තරුණ සිත් ධහම් ගගුලේ ගිල්ලවීමට සමත්විය. තරුණ තරුණයින් 50 000 කට වඩා පිරිසක් පෙම්වතුන්ගේ දිනයේදී සිල් සමාදන් කරවීමට උන්වහන්සේ සමත් වුයේ සුමුදුර ධර්ම දේශනා ශෛලීය හේතුවෙන් බව බොහෝ දෙනා පවසති.

උන්වහන්සේ විසින් මෙහෙයවන ලද “අමා වැස්ස” වැඩසටහනක්

ධර්ම දේශනයකට පසුව ආශීර්වාද ලබාගැනීමට උත්සහ කරන උපාසක උපාසිකාවන්…

Related posts

නීති විරෝධීව බ්‍රිතාන්‍යයෙන් එවූ අවසන් කසළ තොගය යලි නැව්ගත කරයි

colombotoday

ආණ්ඩුවේ ඉන්ඩ පුලුවන්නම් හිටපං බැයිනම් පලයං. – මම පොහොට්ටුවේ ඔහු විමල්ගේ පක්ෂයේ. | වලියෙන් පස්සේ ප්‍රා සභා මන්ත්‍රී කී කතාව.

colombotoday

අගමැති අර්ජුන් මහෙන්ද්‍රන් ගෙන්වාගෙන ඇත්තේ මහබැංකුව බිදින්නමයි.. මගඩිය යට ගහන්න දැන් බාලාංශ වැඩ..

colombotoday

සියළුම පන්සල්, බුදු පිළිම උතුරෙන් ඉවත් කරන්න ඉල්ලයි.. ජාත්‍යන්තරයට වාර්තාවක් !

colombotoday

‘දෙමළ කතාකරන අයගේ හිත රිදෙනවා.. බෞද්ධ විහාර එපා‘ – නැගෙනහිර සභාවට යෝජනාවක්

colombotoday

ඒකාබද්ධයේ මැයි රැලිය ගාලු මුවදොර සිට සජීවීව [Live]

colombotoday