Colombo Today Local News

ඥානසාර හිමි පාර්ලිමේන්තුවට යන්නැයි ඉල්ලා සත්‍යග්‍රහයක්

අපේ ජනබල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදෙන ලෙස ඉල්ලා අපේ ජනබල පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග කරන ලද මධුශාන් රන්දික අතුකෝරල මහතා ගාල්ල සරෙන්තුකඩේ හන්දියේ දී අද (13) සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

ඒ මහතා කියා සිටියේ නාම යෝජනා අත්සන් කරනවිට පක්ෂයේ තිබු සමගිය ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතු අතර ඒ සඳහා අතුරලියේ රතන හිමියන් ඥානසාර හිමියන් සහ සමන් පෙරේරා මහතා එක්විය යුතු බවයි.

අගෝස්තු 20 වැනිදා ඥානසාර හිමියන් පාර්ලිමේන්තුවට යන තුරු තමා සත්‍යග්‍රහය කරගෙන යන බවත් අතුකෝරල මහතා පැවසිය.

Related posts

යාපනය දිස්ත්‍රික්කයේ යාපනය ඡන්ද බල ප්‍රදේශය

colombotoday

රණවිරු දඩයමට එරෙහි රණවිරු පාගමන අම්බලන්තොටට

colombotoday

මැතිවරණ නීති සංශෝධනයට නිර්දේශ ලබා දෙන්න විමර්ශන කොමිසමක් පත් කරයි

Admin

එක්සත් රාජධානියේ තරුණ සම්මානය ලංකාවේ යෙනුලි දිනා ගනී

Admin

කළුතර සිසුවියගේ මරණයට අදාල ප්‍රධාන සැකකරු අල්ලයි

Admin

රන් මාලයක් කොල්ලකෑ දෙදෙනෙක් පොලීසියෙන් වෙඩි කයි

colombotoday