World

ටෙක්සාස්හි වෙඩිතැබීමෙන් මිය ගිය ගණන 22 දක්වා ඉහළට

ඇමෙරිකාවේ ටෙක්සාස්හි අගෝස්තු 4 වැනි දින සිදු වූ වෙඩිතැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ(05) මිය ගොස් ඇතැයි ද, ඒ අනුව ටෙක්සාස් ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් ඇතැයි ද, පොලිසිය කියයි.

තුවාල ලැබූ පිරිස බැලීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා යෑමට නියමිත බවද වාර්තා වේ.

එල් පැසෝහි, ටෙක්සාස්වල සහ ඩේටන් නගරයේ ඉරිදා දිනයේ සිදු වූ වෙඩිතැබීම්වලින් 31 දෙනෙකු මිය ගොස් තිබිණි.

ටෙක්සාස්හි වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරු, පැට්‍රික් කෘසියස් නම් 21 හැවිරිදි තැනැත්තා අත්අඩංගුවට  ගෙන තිබිණි.

මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණ අවසන් වනතෙක් ඔහුව සිර අඩස්සියේ තැබීමට අධිකරණය නියෝග කර ඇත.

Related posts

සෞඛ්‍ය රෙගුලාසි නොතකා ජනතාව ඒකරාශී කල බ්‍රසීල ජනපතිට දඩ

colombotoday

ගින්න ඇවිලීමට තව ඇත්තේ හෝරා කිහිපයයි.. ඇමරිකානු බෝම්බ ප්‍රහාරක යානා උතුරු කොරියාවට සමීප වෙයි

colombotoday

කොරෝනා වෛරසය වැළඳුනු ඉතාලියේ වැඩිහිටි නිවාසයක 31 දෙනෙක් මිය යයි.

colombotoday

ඉස්ලාම් ආගමට සම්බන්ධ සියළු දේ තහනම් කරයි.. චීනයේ මුස්ලිම් අයට වෙන්න යන දේ මෙන්න !

colombotoday

මෙක්සිකානු ජනපතිට කොවිඩ් ආසාදනය වෙයි

colombotoday

ජපානයෙන් එක් දිනකදී වැඩිම මරණ වාර්තා වෙයි

colombotoday