Colombo Today Local News

ටෙන්ඩර් මගඩියක්… ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනතුරේ…

පාරිබෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ජාතික ඉතිරි කිරීමේ බැංකුව පරිඝණක ජාලගත කිරීම සදහා කැදවන ලද ටෙන්ඩරයේ මගඩියෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුව අනතුරේ.

2016 වසරේ අගෝස්තු මස අංක NSB/CAPC/ITS/NCB/2016/001 යටතේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පරිගණක ජාල ගත කිරීම සදහා (Supply Installation commissioning Roll out and maintaining of core banking solution) ටෙන්ඩර්පත් නිකුත් කර තිබුණි.( මීට පෙර අවස්ථා කිහිපයකදීම මේ සදහා ටෙන්ඩර්පත් කැදවා තිබුනද එම ටෙන්ඩර්පත් අවලංගු කරන ලදී) ඒ සදහා සමාගම් 7 ක් විසින් සිය යෝජනා පත් ඉදිරිපත් කරන ලදී.  තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් ටෙන්ඩරය සදහා යෝජනා ඉදිරිපත් කර ඇති සමාගම් අතරින් සුදුසුකම්ලත් සමාගම් හත සදහා ටෙන්ඩර් යෝජනා ඉදිරිපත් කිරීම සදහා වන  ටෙන්ඩර් යෝජනාපත් නිකුත් කර තිබුණි.( RFP- Request for Proposal)  ඒ 2017 මාර්තු විසි වැනි (20) දිනයි. මේ සදහා වන යෝජනා ලියුම්කවර දෙකකින් යුක්තය (තාක්ෂණික සුදුසුකම් සහ මූල්‍යමය ලන්සුව) අදාල සමාගම් 2017 ජුනි 30 වන දින භාර දී ඇත.

එම සමාගම් හතර වන්නේ

  1. Infosys Finacle (Millennium IT (Pvt) ltd.)
  2. Fiserv (ASPAC) Pte Ltd.
  3. Tata Constancy services Ltd (KBSL IT Limited)
  4. Temenos (N*Able / Hemas)

අදාල සමාගම් හතරම මෙරට වාණිජ බැංකු සදහා පරිගණක ගත ජාල සපයමින් දැනටමත් සේවා සපයන සමාගම් වේ.

තාක්ෂණක කමිටුව විසින් මෙම සමාගම් හතරේ තාක්ෂණික සුදුසුකම් පරීක්ෂා කරමින් උක්ත සමාගම් 4 වර්ගීකරණයකට ලක් කර ඇත.

එම වර්ගීකරණයට අනුව අදාල සමාගම් සදහා ලැබී ඇති ස්ථාන

  1. Temenos (N* Able/ Hemas)
  2. Tata Constancy services Ltd (KBSL IT Limited)
  3. Infosys Finacle (Millennium IT (Pvt) ltd.)
  4. Fiserv (ASPAC) Pte Ltd.

මෙම වර්ගීකරණය කිරීම අතිෂය දූෂීතවන අතර මෙරට ප්‍රධාන බැංකු කිහිපයකම පරිගණක ජාලය වසර ගණනාවක් පවත්වාගෙන යන සමාගම් එම තාක්ෂණික ඇගයීමේදී නොසලකා ඇති අතර එසේ වීම සදහා ටෙන්ඩර් කමිටුව සදහා සහය දක්වන දූෂීත නිළධාරීන් විසින් තාක්ෂණික ඇගයීම් කමිටුවේ වාර්තා වෙනස් කර ඇති බවට සැක සංකා උපදින බව අප කල සොයා බැලීමකදී තහවුරු වී ඇත.

කෙසේ වෙතත් එම වර්ගීකරණයේදී පළමු ස්ථානය ලබා ඇති Temenos (N* Able/ Hemas) සමාගම මෙරට එක් වාණිජ බැංකුවක් සදහා සිය සේවය  සපයන අතර අදාල බැංකුව එම සේවාවන් සැපයීම සදහා වෙනත් සමාගම් වළින් යෝජනා ලබා ගෙන ඇත. තවද වෙනත් බැංකු විසින් උක්ත සමාගමේ සේවා ලබා ගෙන පසුව ඔවුන් ඉවත් කර ඇති බවට අප වෙත වාර්තා වී ඇත.

නියමිත තාක්ෂණික සුදුසුකම් සපුරා ඇති සමාගම් 03 ක් ඉවත් කරමින් ටෙන්ඩර් කමිටුව විසින් එක් සමාගමක එනම් Temenos (N* Able/ Hemas)සමාගමේ මූල්‍යමය ලංසුව විවෘත කර ඇත.

එසේ කිරීම ප්‍රසම්පාදන කාර්යය පරිපාටිය අමු අමුවේ උල්ලංඝණය කිරීමක් වන අතර වඩාත් තරගකාරී ලන්සුවක් ලබා ගැනීම සදහා අවමවශයෙන් ඉදිරිපත් කර ඇති ලන්සු අතරින් සමාගම් දෙකකවත් ලන්සු විවෘත කල යුතුය.

මෙම ටෙන්ඩරය සදහා වන ටෙන්ඩර් කමිටුව  මේ වන විට ලහිලහියේ සිය කටයුතු සිදුකරමින් සිටිනුයේ Temenos (N* Able/ Hemas) වෙත ලබා දීම සදහාය.

ජාතික ඉතිරි කිරීමේ බැංකුව යනු මෙරට මහ ජනතාවගේ බැංකුවක් වන නිසාත් සුදුසුකම් නොමැති සමාගමකට අතයට ගනුදෙනුවකට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පරිගණක ජාලය මෙහෙය වීම ලබා දීම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට කරනු ලබන අසාධාරණයක් වන නිසාත් අප සංවිධානය  මෙම කරුණු මෙරට ජනතාවගේ දැන ගැනීම සදහා ඉදිරිපත් කිරීමට තීරණය කල අතර ඉන් නොනැවතී පහත කරණු ද ඉදිරිපත් කිරීමට තීරණය කරන ලදී.

  • Temenos (N*able/ Hemas) සමාගම 2017 අගෝස්තු 16 වන දින ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පරිගණකගත ජාලය සදහා වන ටෙන්ඩරය සදහා අංක 141/09, වොක්ෂොල් වීදිය, කොළඔ 02. යන ලිපිනයේ පිහිටුවා ඇති මැක් හෝල්ඩින් පුද්ගලික සමාගම (Mac Holding (Pvt Ltd)) සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත.

ප්‍රසම්පාදන කාර්යය පරිපාටියට අනුව ටෙන්ඩර්පත් ඉදිරිපත් කරන සමාගමකට සිය නියෝජිතයින් හැටියට ටෙන්ඩරය ඉදිරිපත් කල පසුව වෙනත් දේශීය සමාගමක් සිය නියෝජිතයා ලෙස පත්කර ගත නොහැක . ඒ අනුව Temenos (N* ble/ Hemas) සමාගම ප්‍රසම්පාදන කාර්යය පරිපාටිය උල්ලංඝණය කර ඇත.

  • Mac Holding (Pvt Ltd) සමාගමේ සභාපතිවරයා හා කළමාණාකාර අධ්‍යක්ෂකවරයා වරයා වන්නේ ඩිජිටල් හා යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ලගම නෑයෙකි. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පරිගණකගත ජාලය සදහා වන ටෙන්ඩරය සදහා පත්කර ඇති කැබිනට් අනුකාරක කමිටුවේ සභාපතිවරයා වන්නේ වසන්ත දේශප්‍රිය මහතා වන අතර ඔහු ඩිජිටල් හා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කර ලගදී විශ්‍රාම ගිය අයෙකි.  ඒ අනුව Temenos (N* ble/ Hemas) සමාගම Mac Holding (Pvt Ltd) සමාගම අතර අවබෝධතා ගිවිසුම අත්සන් කළේ ඇයිද? යන්න ටෙන්ඩර් කමිටුව නොදන සිටියාට අපි නම් හොදින් හොදින් දනී.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පරිගණකගත ජාලය සදහා වන ටෙන්ඩරය අතිශය දූෂිත නිසා එම ටෙන්ඩරය අවලංගු කිරීමට හෝ තාක්ෂණික කමිටුවෙන් නිර්දේශ කර ඇති අනෙක් සමාගම් තුනේ මූල්‍ය ලන්සු විවෘත කිරීමට කටයුතු කරන ලෙස අප කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින අතර එසේ නොකළ හොත් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගනුදෙනු කරුවන් ආරක්ෂා කිරීම සදහා වන වැඩ පිළිවෙලක් සංවිධානය කිරීමට අප සංවිධානයට සිදුවන බවද එසේ කිරීමෙන් බැංකුව බිද වැටීමේ තත්වයක් ඇති වුවහොත් ඊට මෙම ටෙන්ඩරය පිටුපස සිටින පුද්ගලයින් වග කිව යුතු බවද දන්වා සිටින අතර අප විසින් හෙළි කළේ අප දන්නා රුණු වලින් කිහිපයක් පමණක් වන බවද තවදුරටත් දන්වමි.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

මහින්දට දෙන්න ගිය පීකොක් මන්දිරය හැදුව හැටි අහන්න ඒඑස්පී ලියනගේ අල්ලස් කොමිසමට කැදවයි

colombotoday

එජාපයේ කළු බැටළුවන්, කෙළෙහිගුණ නොදත්තවුන් මට මෙහෙම කළා… පොරොන්දුව කඩ කර මුදල් ඇමතිකම නොදීම ගැන රවී කතා කරයි…

colombotoday

පරදින බව දැන දැනම මහින්ද ගත් අවාසිදායක දේශපාලන තීන්දුවක් ගැන ගෝඨා කියයි (Video)

colombotoday

මෙරටට රැගෙන ආ විශාලතම ෆයිසර් එන්නත් තොගය අද කටුනායකට

colombotoday

ජාත්‍යන්තරයට ඕනෑ විදියට නටන්න අපි සූදානම් නැහැ….

colombotoday

ඇගිලි සලකුණු ගන්න පොලීසියට අමතක වෙලා ! හමුදා නිලධාරියාගේ සිරුර යළි ගොඩ ගනී

colombotoday