Colombo Today Local News

ඩොලරය බසී. දෙමසකට පසු යළිත් රුපියල් 178 සීමාවට !

මාස දෙකකට අධික කාලයකට පසු ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල යළිත් රුපියල් 178 සීමාවට ඊයේ (05) පැමිණියේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 178.8381ක් ලෙස සටහන් වූ අතර ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 174.9847 ක් ලෙසය.

ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 179 සීමාවෙන් පහළට අද පැමිණියේ 2018 නොවැම්බර් 21 වනදායින් පසුවය.

පසුගිය වසරේ දේශපාලන අර්බුදය නිර්මාණය කෙරුණු ඔක්තෝබර් 26 වනදා වනවිට ඩොලරයක විකුණුම් මිල පැවතියේ රුපියල් 174.4421ක් ලෙසය. මෙතෙක් ඉතිහාසයේ ඩොලරයක් සඳහා වූ ඉහළම විකුණුම් මිල ලෙස රුපියල් 184.6966ක් සටහන් වූයේ 2018 දෙසැම්බර් 31 වනදාය.

2019 ජනවාරි 30 වනදා වනවිටත් ඩොලරයක විකුණුම් මිල රුපියල් 182.7033ක් වූ අතර පසුගිය සතිය තුළ ඩොලරයෙහි මිල පහළ බස්වමින් රුපියල සීඝ්‍රයෙන් ශක්තිමත්ව ඇති බව පෙනේ.

Related posts

දිවයින පුරා වනජිවි නිලධාරින් සංගම් වැඩ වර්ජනයක

colombotoday

මංගලගේ සුත්‍රයට අනුව අද ඉන්දන මිල ඉහල යයි?

colombotoday

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ 44වන ජන්ම දිනය හෙටයි(4)

colombotoday

සේවාවට බාධාවක් නම් වැඩ තහනම් කරන්න ඇමති කංචනගෙන් උපදෙස්

Admin

කතරගම 400ක් ගිනි පාගයි

colombotoday

“පොහොට්ටුව කරපු වැඩේ සදාචාරසම්පන්න නෑ. පොහොට්ටුව එක්ක දැන් මොනවා සාකච්ඡා කරන්නද?” – දයාසිරි ජයසේකර

colombotoday