Colombo Today Local News

ණය බරින් නිදහස් වීමට කංසා වවමු – ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේදී යෝජනා කරයි

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ඊයේ(20) පාර්ලිමේන්තුවේදී ණය බරින් නිදහස් වීමට යෝජනාවක් කර තිබේ.

ඒ, පිටරට යවා විදේශ විනිමය ඉපයීමට ගංජා වගා කිරීමටයි.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන ඇය මේ වන විට රජයට සහාය දක්වමින් සිටී.

ඇය පෙන්වා දෙන්නේ නැහැ ‘සර් ෆේල්.. සර් ෆේල්’ යයි හැමදාම නොකියා කංසා වගා කර ණය බරින් නිදහස් වීමට කටයුතු කළ යුතු බවයි.

විසිවන සංශෝධනය සම්මත කිරීමට සහාය දී සර්ට බලය ගෙනත් දුන්නේ ඒ සඳහා යයිද ඇය කියා සිටියාය.

කෙසේ නමුත් කංසා වගා කළ යුත්තේ ‍රාජ්‍ය මැදිහත්වීමෙන් වෛද්‍ය විද්‍යාත්මක භාවිතය සඳහා පමණක් බවත් ආර්ථිකය ශක්තිමත් කිරීමට එය සිදු කල යුතු බවත් ඇය කියා සිටියාය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඇය මෙම අදහස් පල කරන ලදී.

Related posts

පොරොන්දු ඉටු නොකළොත් GSP+ නැතිවෙයි – යුරෝපා සංගමය අනතුරු අගවයි

colombotoday

ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක්

Admin

සංවර්ධනයේ මුවාවෙන් ඓතිහාසික වටිනාකමින් යුත් නුග ගසක් කපයි…

colombotoday

ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් කල් යයි

Admin

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපතිට දඬුවම් ?

colombotoday

රට වටෙන්ම කොඩියට කතිරය ගැහුවොත් ඥානසාර හිමිට පාර්ලිමේන්තුවට යා හැකියි

colombotoday