Colombo Today Local News

තදබදයට පිළියම් නැති කමෙන් කොළඹ ගමන් ඉබි ගමනේ. ධාවන වේගය පැයක කි.මි. 6ට අඩුවන ලකුණු.

nmjvvls7

දැනට පවතින රථ වාහන තදබදයට තවමත් ස්ථිර විසඳුම් ලැබී නොමැත. මේ තත්වය දිගින් දිගටම පැවතියහොත් තවත් වසර පහකදී කොළඹ රථ වාහන ධාවනය කළ හැකි වේගය පැයට කිලෝ මීටර් 6 ක් දක්වා අඩුවිය හැකි බව මොරටුව විශ්වවිද්‍යාලය පවසයි.

එහි ප්‍රවාහන හා සැපයුම් දාම අධ්‍යයන අංශයේ මහාචාර්ය අමල් කුමාරගේ මහතා සඳහන් කළේ, මේ වන විට කොළඹ නගරයේ රථ වාහන ධාවනය කරන සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 12 ක් දක්වා අඩු වී ඇති බවය.

කොළඹ නගරයට දෛනිකව ඇතුළුවන වාහන සංඛ්‍යාව තුන් ලක්ෂයකි.

දෛනිකව ප්‍රධාන මාර්ග 7 කින් කොළඹට රථ වාහන ඇතුළු වන අතර එම සියලු මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් හටගන්නා බව ඔහු පෙන්වා දෙයි.

රථ වාහන තදබදයට හොඳම විසඳුම පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම බව මහාචාර්ය අමල් කුමාරගේ මහතා පවසයි.

කොළඹ නගරයේ මාර්ග පද්ධතිය පුළුල් කිරීම අවශ්‍ය බවත් ඒවායේ මංතීරු වැඩි සංඛ්‍යාවක් මගී බස් රථ සඳහා වෙන් කළ යුතු බව ද ඔහු පැවසී ය.

එක් අතට වාහන ධාවනය කිරීමේ ක්‍රමවේදය ද ඵලක් නොමැති ක්‍රියාවක් බව මහාචාර්ය අමල් කුමාරගේ මහතා සඳහන් කරයි.

Related posts

පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

colombotoday

අප්‍රේල් 20 දා සිට සයිලන්ට් කර තිබූ ජාතික බුද්ධි ප්‍රධානියාගේ ජංගම දුරකථනය

colombotoday

‍ලොව පුරා ත්‍රස්ත තර්ජණ: කටුනායක ගුවන්තොටේත් ආරක්ෂාව තර කරයි

colombotoday

සුනිල් ජයවර්ධන ඝාතනය කලේ ආණ්ඩුවේ වරදින්- සජිත්

colombotoday

“තමුසෙගෙ තරු ගලවනවා” කමිසයෙන් ඇද OICට තග දැමූ ජවිපෙ මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

පොලොන්නරුවේ ගම් 12 හුදකලා කරයි

colombotoday