Colombo Today Local News

තම්බි මුදියන්සේ රනිල්ටත්, නීලපෙරුමාල් චන්ද්‍රිකාටත්, රෑකඩ සිරිසේනටත් මේ රට හදන්න බෑ – ඤාණසාර හිමි

රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග, මෛත්‍රිපාල සිරිසේන යන අයට කිසිසේත්ම ජාතියට විමුක්තිය උදා කිරීමට හෝ මේ රට ගොඩගැනීමට නොහැකි බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් පවසනවා.

රත්නපුරයේ පැවති සමුළුවක් අමතමින් උන්වහන්සේ වැඩි දුරටත් ප්‍රකාශ කළේ ඉන්දියානු මූලය සහිත නීල පෙරුමාල්ගේ පරපුරෙන් පැවත එන චන්ද්‍රිකාත්, තම්බිමුදියන්සේගේ පරපුරට නෑකම් කියන රනිල් වික්‍රමසිංහ මහතාත් සිංහලයන් නොවන බැවින් සිංහල ජාතිකත්වයට වෛර කරන බව සහ ඔවුන්ගේ ඉන්දියානු සම්භවය නිසා නිතැතින්ම දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටින බවයි. ඔවුන් දෙදෙනා ජාතිවාදීන් ආගම්වාදීන් ලෙස හංවඩු ගහනනේ සිංහල බෞද්ධයන්ට පමණක් බවද උන් වහන්සේ පවසා සිටියා

එදත් විදේශිකයන් හමුවේ රට පාවා දුන්නේ මෙම පරපුරුවල අය බවත් එදා ධර්මපාලතුමාගේ ජාතික විමුක්ති අරගලය විනාශ කළේ තම්බිමුදියන්සේලාගේ පරපුරේ ලේක්හවුසිය බවද උන් වහන්සේ සිහිපත් කර සිටියා.

එමෙන්ම මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතිශය බිහිසුණු කුමන්ත්‍රණයක තතු හෙළි කරමින් උන්වහන්සේ පැවසූවේ චන්ද්‍රිකා කුමාරතුංග ‘සහජීවනය සහ සංහිදියාව’ යන පාඨය ඉදිරියට දමාගනිමින් ජාතියේ අක්මුල් මුළින් උපුටා දැමීමට සූදානම් වෙමින් සිටින බවයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයද දැඩි ලෙස විවේචනය කළ උන් වහන්සේ පසුගිය පාලන සමයේ සිදුවූ ඇතැම් ක්‍රියා පිළිබදවද සිහිපත් කර සිටියා.

ඤාණසාර හිමියන් දැක්වූ අදහස් වැඩිදුරටත් පහත පරිදිය.

Related posts

ඔරුගල්යාය ලදු කැළෑ එළි කරේ වන අලි ගම්වදින හින්දයි – පරිසර ඇමති

colombotoday

නිරෝධායන මධ්‍යස්ථාන පිරී යයි

colombotoday

රසායනික පොහොර මෙට්‍රික්ටොන් 93000ක් ආනයනය කරයි

colombotoday

119 අවභාවිත කළ අයෙකුට වැඩ වරදි

colombotoday

පිට පිට දින දෙකකදී කළුතර බන්ධනාගාර⁣යට ඉගිල ආ තහනම් පාර්සල්

colombotoday

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැරිස්ටර් ට මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදෙයි

colombotoday