Colombo Today Local NewsUncategorized

“තර්ජණ එපා! මුලතිව් කැලේ ඉඩම් අපේ” මුස්ලිම් මන්ත්‍රි මුලතිව් අයිතියට TNA සමග ගැටෙයි

mulative polutionමුලතිව් ප්‍ර දේශයේ මුස්ලිම් ජනතාව යළි පදිංචි කරමින් සියටියදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පැමිණ එම ජනතාවට තර්ජණය කරන බවත්, එයට කිසිසෙත් ඉඩදිය නොහැකි බවත් උතුරු පළාත් සභා මන්ත්‍රී ජවාහිර් ජනුපර් ප්‍රකාශ කර ඇත. ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිමලනාදන් සහ රවිකරන් යන දෙදෙනා මෙසේ තර්ජණය කර ඇති බවත් මුලතිව් වනාන්තරය විනාශ කරමින් මුස්ලිම් ජනතාව පදිංචි කරවන බවට අසත්‍ය ප්‍රකාශ මාධ්‍යට ලබා දී ඇති බවත් ඔහු පවසනවා.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ මුලතිව්හි පදිංචිව සිටි මුස්ලිම් ජනතාව 1990 දී අවතැන්වීමෙන් පසු, ඔවුන්ට හිමි ඉඩම්වල යළි පදිංචි කරමින් පවතින බවත් මුලතිව් මුරිප්පු, නාගචෝලේයි සහ කොන්දියාකුබ්බම් යනාදී ප්‍ර දේශවල මුස්ලිම් ජනතාවට 1982 දී එවක රජය විසින් බලපත්‍ර ලබා දී ඇති බවයි. එසේ තිබියදී ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී රවිකරන් මාධ්‍ය භාවිතා කරමින් මුස්ලිම් ජනතාවට තර්ජණය කර ඔවුන් පළවා හැරීමට කටයුතු කරමින් සිටින බවයි.

‘‘මෙම ජනතාව යලිපදිංචි වීම පිටුපස අපගේ ජාතික නායක රිෂාද් බදියුර්දීන් සිටින බව ප්‍රකාශ කරමින් සිටියි. එය මා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්නෙමි” යනුවෙන්ද ජවාහිර් ජනුපර් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.

මේ අතර ඉකුත් දා අප වෙත අදහස් දක්වමින් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී උතුරු පළාත් ඉඩම් අමාත්‍ය ටී. රවිකරන් කියා සිටියේ රිෂාඩ් බදියුද්දීන් ඇමතිවරයාගේ මෙහෙයවීමෙන් මුලතිව් වන්නිමඩු රක්ෂිතයේ දැවැන්ත වන විනාශයක් සිදු කරමින් පවතින බවයි. මේ වන විට මලතිව් වන්නි මඩු රක්ෂිතයේ කොන්ඩියාකුප්පම් කොටසේ අක්කර 600කට වැඩි ප්‍රමාණයක් එළි කර පිටතින් ගෙනා මුස්ලිම් පිරිස් පදිංචි කරමින් ඉඩම් මංකොල්ලයක නිරත වන බවද ඔහු චෝදනා කළා. ඔහුගේ හඩ පටය පහතින්

මුලතිව් වනාන්තරයේ දැනට සිදුවෙමින් පවතින දැවැන්ත වන විනාශය පිළිබදව ජාතික පුවත්පත් මගින්ද කරුණු අනාවරණය කර තිබුනා.

Related posts

දුරකතනය නොදුන් මව සමග උරණ වූ සිසුවෙක් දිවි නහ ගෙන

colombotoday

ප්‍රියන්ත කුමාරගේ පවුලට රජයෙන් මුදල් ප්‍රදානයක්

colombotoday

රවීගේ සැක සහිත ගනුදෙණුවක් ! කබීර් හෂීම්ගේ විරෝධය

colombotoday

තිලිණි ප්‍රියමාලි ළඟ ඥානසාර හිමියෝ මුදල් ආයෝජනය කලා ද ? ඇත්ත හෙළිවෙයි

colombotoday

ජනපතිගේ රාජාසන කතාවට මල්වතු පාර්ශවයෙන් පැසසුම්

colombotoday

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සැකපිට රිෂාඩ් බදුර්දින්ගේ සොහොයුරෙකු අත්අඩංගුවට

colombotoday