Colombo Today Local News

තරුණියක් දූෂණය කල පුද්ගලයෙක්ට වසර 58ක සිරදඬුවම් නියම කෙරේ

විශේෂ අවශ්‍යතා ඇති තරුණියක් දූෂණය කිරීමේ චෝදනාවකට වරදකරුවූ පුද්ගලයකුට මහනුවර මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා බරපතළ වැඩසහිත වසර පනස් අටහමාරක ක සිරදඬුවමක් පසුගිය 11 දා නියමකර තිබේ.

මෙසේ සිර දඬුවම් නියම වූයේ උඩුදුම්බර ප‍්‍රදේශයේ පදිංචි එන්. ජී. ජයසේන නමැති අයකුටය. වසර 2012 දෙසැම්බර් 18 සිට 2013 පෙබරවාරි 18 දක්වා වූ කාලය තුළ අවස්ථා තුනකදී මෙම පුද්ගලයා මැද මහනුවර ප‍්‍රදේශයේදී අදාළ තරුණිය දූෂණයකර තිබෙන බව අධිකරණයේදී හෙළිවිය.

අදාළ වරද චූදිත විසින් පිළිගැනීමෙන් පසු මහාධිකරණ විනිසුරුවරයා තරුණිය දූෂණය කිරීම සම්බන්ධයෙන් වසර 18 ක සිර දඬුවමක් ඔහුට නියම කළේය. තෙවරක් එම වරද ඔහු විසින් සිදුකර තිබෙන බැවින් වසර 18 බැගින් වසර 54 ක සිරදඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඬුවම් වෙන් වෙන්ව ගෙවී යායුතු බවටද නියම කළේය.

තරුණිය තෙවරක් දූෂණය කිරීම නිසා එක් වරදකට රුපියල් 25000.00 බැගින් රුපියල් 7,50,000.00 ක දඩයක්ද මහාධිකරණ විනිසුරු සපුවිද මහතා නියමකර තිබේ. එම මුදල නොගෙවීම නිසා ඔහුට තවත් අවුරුදු එකහමාරක සිරදඬුවමක් නියමවී ඇත.

මෙයට අමතරව වින්දිත තැනැත්තියට රුපියල් ලක්ෂ 10 ක වන්දියක් ගෙවන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා ඔහුට නියමකර තිබෙන අතර එය නොගෙවීම නිසා තවත් බරපතළ වැඩසහිත වසර දෙකක සිරදඬුවමක් නියමකර තිබේ.

වින්දතයින් ආරක්ෂා කිරීමේ අරමුදලට තැන්පත්කරන ලෙස නියම කළ රුපියල් 15000.00 ක මුදල තැන්පත් නොකිරීම නිසා තවත් වසරක සිරදඬුවමක් ඔහුට නියම කිරීමට මහාධිකරණ විනිසුරුවරයා පියවරගෙන ඇත. රජය වෙනුවෙන් රජයේ අධිනීතිඥ ධනුෂ්ක රාහුබද්ද මහතා පෙනී සිටියේය.

Related posts

පෙට්‍රල් රු 3කින් ඩිසල් රුපියලකින් ඉහලට

colombotoday

රිෂාඩ් බදියුදීන් කටඋත්තර දීමට පාස්කු කොමිසමට

colombotoday

ශිෂ්‍යත්ව විභාගය ඇරඹෙයි

colombotoday

ආගමික ස්ථානවල සූර්ය පැනල සවිකිරීම අරඹයි

Admin

ආධාර ලෙස ලැබුණු පී.සී.ආර්. මෙරටට උචිත නෑ

colombotoday

“සිකුරාදා වන වි රට වසාදැමීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් සඳුදා සිට බලහත්කාරයෙන් රට වසාදැමීමට කටයුතු කරනවා”

colombotoday