Colombo Today Local News

තවදුරටත් රජුන් නත්නන්ගේ භූමිකාව හසුරවිමට අවස්ථාවක් නෑ – ජනපති පාර්ලිමේන්තුවේදී කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (3) පාර්ලිමේන්තුවේ නව සභාවාරය ආරම්භ කරමින් සිදුකල ප්‍රකාශය…

අප සියලු දෙනාගේම වගකීම වන්නේ ජනතාවට සේවය කිරීමයි.

මම අවුරුදු විස්සක් හමුදාවේ සේවය කළා. වසර 10ක් ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළා.

රුහුණේ ගිරුවාපත්තුවේ මැදමුලන මූලාශ්‍රය කරගත් පරම්පර තුනක රාජපක්ෂවරු ඡන්දයෙන් පත්වූ මහජන නියෝජතයන් ලෙස කටයුතු කර තිබෙනවා.

මන්ත්‍රීවරු, ඇමතිවරු, නියෝජ්‍ය කථානයකවරයෙක්, කථානයකවරුයෙක්, අගමැතිවරයෙක්, විපක්ෂනායකවරයෙක්, ජනපතිවරු දෙදෙනෙක් පත්කර තිබෙනවා.

කුරහන් පාට සාටකය අදින්නේ නැතිවුණත් මම නියෝජනය කරන්නේ එහි ගැඹුරු දර්ශනයයි.

එම දර්ශනය මා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සටහන්ව තිබෙනවා.

එය සභාගත කරනවා. ජනතාව මට පැහැදිලි ජනවරමක් දුන්නා.

ජනතාව මා ගැන තැබූ විශ්වාසය කඩ නොකරන සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමට මමත් මගේ රජයත් කැපවෙනවා.

ජනතාවට අවශ්‍ය වුණේ දේශපාලනයේ වෙනසක් කරන්නයි.

තවදුරටත් රජුන් නත්නන්ගේ භූමිකාව හසුරවිමට අවස්ථාවක් නෑ.

මම ආරාධනා කරනවා අදාළ දේශපාලඥයින්ට මේ දේ තේරුම් ගන්න කියලා.

ජාතිය ගොඩ නැගීමේ කර්තව්‍යයට එකතුවෙන්න.

අපේ රටේ ව්‍යවස්ථාවට අනුව මගේ ධුරකාලය තුළ ඒකීය රාජ්‍ය ආරක්ෂා කරනවා. බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂනය කරනවා. ඕනෑම අයෙකුට කැමති ආගමක් අදහන්නට අවස්ථාව තිබෙනවා.

මෙහි තර්කානුකූල වාද විවාද ඇතිවුණා. පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය රැක ගැනීමට මන්ත්‍රීවරු උත්සාහ කළා.

නමුත් පසුකාලීනව ගෞරවය හින වී ගියා. මේ පාර්ලිමේන්තුව නැවතත් ආදර්ශමත් ස්ථානයක් බවට පත්විය යුතුයි.

ගෞරවය දිනා ගැනීමේ වගකීම තිබෙන්නේ මහජන නියෝජිතයන්ටයි.

අද දේශපාලන ආර්ථික අර්බුදයක් තිබෙනවා.

නිදහසින් පසු අපේ සංවර්ධනය ගැන තෘප්තිමත් වෙන්න බෑ.

මහජන නියෝජතියන්ගේ මූලික වගකීම ජනතා සේවයයි.

රටක් දියුණු කරන්නට නිවැරදි දැක්මක් අවශ්‍යයි.

සෞභාග්‍යයේ දැක්ම ජාතික වැඩපිළිවෙක්.

අපි පියවර රැසක් මේ වන වට ගෙන තිබෙනවා.

ජාතික ආරක්ෂාවට ඉහළ වටිනාකමක් දෙනවා. දක්ෂ නිලධාරීන්ට නැවතත් වගකීම් බාර දී තිබෙනවා.

ත්‍රිවිධ හමුදාව හා පොලීසිය අතර මනා සබන්ධීකරණයක් ඇති කළා.

අපේ මවුබිම ත්‍රස්තවාදයෙන්, අන්තවාදයෙන්, සොරකමින්, මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ගෙන් තොර සුරක්ෂිත රටක් බවට පත්කිරීමට කටයුතු කරනවා.

වැඩකළ හැකි වයසේ සිටින සෑම පුද්ගලයෙකුම ඵලදායි පුද්ගලයෙක් කිරීමට රජය පියවර ගත යුතුයි.

සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රතිලාභ සෑම ජන කොටසකටම බේදී යන ලෙස කටයුතු කළ යුතුයි.

ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන ජනතා ප්‍රතිචාරය සොයා බැලීමට ඡන්දයක් එන තුරු සිටිය යුතු නෑ.

බදු සහන වලින් යම් ප්‍රතිශතයක් ජනතාවට ලබා දිය යුතුයි.

දුප්පත්කම තුරන් කිරිම අපේ රජයේ ප්‍රමුඛ අරමුණක්.

ඉදිරි මාසය තුළ මේ රටේ ආදායම් අඩු පවුල් වල100000කට අපි රැකියා දෙනවා.

රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය එක්ව අපි රැකියා වියුක්තියට විසඳුම් සෙවිය යුතුයි.

අපේ සාරධර්ම හා සංස්කෘතින් අප හැමවිටම ආරම්භ කළ යුතුයි.

සෛවරී, නිදහස් , සුරක්ෂිත සාමකාමී රටක් විය යුතුයි.

සෞභාග්‍ය යේ දැක්ම තුළින් අපි හඳුන්වා දෙන්නේ ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්.

දියුුණු වීමට උත්සාහ කරන සෑම අයෙකුටම සම අවස්ථා දෙනවා.

දේශීය ව්‍යවසායකයන් ආරක්ෂා කළ යුතුයි.

රජයේ සේවකයන් අපගේ දැක්ම පිළිබඳව අවබෝධයක් ල බා ගත යුතුයි.

දූෂණය හා වංචාව තුරන් කිරීමට කටයුතු කළ යුතුයි.

රාජ්‍ය ආයතන තුළ තාක්ෂණය ප්‍රචලිත කිරීමට විශේෂ අවධානයක් යොමුකරනවා.

මීට දශක කිහිපයකට පෙර ලංකාව වෙළඳ මධ්‍යස්ථානයක් වුණා.

ඒ අපේ රට සුවිශේෂී තැනක පිහිටා තිබීමයි. අදත් අපිට ඒ වාසයි ලබාගත හැකියි.

මහින්ද රාජපක්ෂ රජය ලංකාව දකුණු අසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමට අරමුණ තිබුණා.

ඒ ව්‍යාපෘති අපි ඉදිරියට ගෙන යා යුතුයි.

ආයෝජකයන්ට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට කටයුතු කළ යුතුයි.

මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීමත්, දුම්රිය සේවය ශක්තිමත් කිරිමත් අවශ්‍යතාවක්.

නාගරිකරණය රටකට යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵල ගෙන දෙනවා.

නාගරික තදබදය අඩු කිරීමට පරිසර දූෂණය අඩු කිරිමට ප්‍රතිනාගරීකරණය සිදුකළ යුතුයි.

රට පුරා අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීම වැදගත්.

ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේදී විදුලි මිල වැදගත් සාධකයක්.

සාධාරණ මිලකට බලශක්තිය ලබාදීමට කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන සැලසුම් වැදගත්.

අපේ රටේ මැණික් හා ඛණිජ සම්පත් වලින් පෝසත් වුණාට අගය වැඩිකිරීම තවදුරටත් ප්‍රමාණවත් නෑ.

විවිධ නීතිරීති බලපත්‍ර හා තහංචි මගින් සාම්ප්‍රදායකි කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා අනවශ්‍ය හා අසාධාරණ සිමා පනවමින් බාධා ඇති කිරිමට ඉඩ දෙන්නේ නෑ.

අපනයනය කළ හැකි කෘෂි නිෂ්පාදන තිබියදී අපි මීට වඩා වැඩි අපනයන ආදායමක් ලබාගත යුතුයි.

කර්මාන්ත දියුණු කිරීම සඳහා තාක්ෂණය මුල්කරගත් නව ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා.

කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීමත් මූලික කාර්යයක්.

කෘෂි නිෂ්පාදන ප්‍රති අපනයන සම්පූර්ණයෙන්ම නතර කිරිමට උපදෙස් දී තිබෙනවා.

Related posts

දැරිය ඝාතනය කළේ කොණ්ඩයාම ද? වැදගත් තොරතුරු සහෝදරයා හෙළි කරයි

colombotoday

“ඉන්ධන මිල සහනාධාර නොලැබුනොත් මිල වැඩි කරන්න සිදුවෙනවා..”

colombotoday

හිස්බුල්ලා කාත්තන්කුඩියේ වෙනම මුස්ලිම් අධ්‍යාපන කලාපයක් පිහිටුවන තැතක…

colombotoday

අද රටම මිලිටරිකරණය කරලා… හමුදා භීතියෙන් ගැලවෙන්න සජිත් අගමැති කරන්න !

colombotoday

ටී – ප්ලේන්ටි මිල අඩු වෙයි

colombotoday

“ජනපති – අගමැති සමගියි.. මහබැංකු අධිපති නිර්දේශ කරන්නේ මමයි” – මුදල් ඇමති

colombotoday