Colombo Today Local News

වැසුණු අධිවේගය යළි ඇරේ

kokmaduwa_highway

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව සිට ඉමදූව දක්වා කොටස යළි විවෘත කර තිබේ.

විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩි.සි.දිසානායක මහතා සඳහන් කළේ අද පෙරවරු 10.00ට පමණ මාර්ගය යළි විවෘත කිරීමට පියවර ගත් බවයි.
වර්ෂාව සහ අයහපත් කාලගුණය හේතුවෙන් පස්කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් අද අලුයම සිට කොක්මාදූව පිටවීමේ දොරටුවේ සිට ඉමදූව පිටවීමේ දොරටුව දක්වා කොටස වසා දැමීමට තීරණය කර තිබුණි.

පසුගියදා පැවති අධික වර්ෂාව හේතුවෙන් පස්කඳු කඩා වැටීමේ අවදානම මත මීට පෙර ද එම මාර්ග කොටසේ රථ වාහන ධාවනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණි.

මෙම මාර්ගය සඳහා ස්ථිර පිළියමක් කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව  විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩි.සි.දිසානායක මහතා සඳහන් කළේය.

Related posts

අගවිනිසුරු ශ්‍රී පවන් විශ්‍රාම ගනී

colombotoday

අසාත් සාලි ඉවතට !!

colombotoday

තෙල්දෙණිය කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් සාජන් මේජර්වරයෙක් සහ පොලිස් පරික්ෂකවරයෙක් සොයා මෙහෙයුම්

colombotoday

උතුරෙන් හමුදාව ඉවත් කරන්න කියා මා කීවේ නෑ – ශිවාජිලිංගම්

colombotoday

නිරෝධායනය මගහැරි ඉතාලියෙන් ආ 170ක් රට පුරා නිදැල්ලේ !

colombotoday

ඥානසාර හිමියන් රට, ජාතිය සම්බන්ධයෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා – මහනායක හිමි

colombotoday