Colombo Today Local News

දක්ෂ, කාර්යශූර මට නිකරුණේ මඩ ගහනවා… ජනපතිත් වගකිව යුතුයි… දේශපාලනයෙන් ඉවත්වෙන්න හිතෙනවා…

මේ රටේ දේශපාලනය කරන්න අමාරුයි. අම්මත් කියනවා මට දේශපාලනයෙන් ඉවත්වෙන්න කියා යෑයි ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා ඊයේ (17 දා) පැවැසීය.

අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක්‌ සඳහා ආයෝජන මණ්‌ඩල අනුමැතිය ලබාදීමට සීයට දහයක කොමිස්‌ මුදලක්‌ ඉල්ලූ බවට තමාට චෝදනා එල්ලවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ඊයේ (17දා) ආයෝජන මණ්‌ඩල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා මෙසේද කීවේය.

මේ මාධ්‍ය හමුවේ අඬනවාද, හිනාවෙනවාද කියල හිතෙනවා. අපේ රටට ටේ්‍රන්, බස්‌ කියලා ව්‍යාපෘති එනවා මේවාට එකවර අනුමැතිය දීමට බැහැ. කාටහරි ව්‍යාපෘතියකට අනුමැතිය නොලැබී ගියහොත් මාධ්‍ය ගෙන්වලා මාධ්‍ය හමු පවත්වනවා. මාධ්‍යත් සොයා බැලීමක්‌ නැහැ මේවා ප්‍රචාරය කරනවා.

මේ දුම්රිය ව්‍යාපෘතියට ආයෝජන මණ්‌ඩලයේ මූලික ඇගයීම් කමිටුවකින් තමයි අනුමැතියට යවන්නේ. ඊළඟට එය තනි කවුළු ආයෝජන අනුමත කිරීමේ කමිටුවට ඉදිරිපත් කිරීමට නිර්දේශ කරනවා. එහිදී මේ ආයතනය 2017 මාර්තු 21 වැනිදා ඉදිරිපත් කළ අයදුම්පතට අදාළව අනුමැතිය ලබාදීමට ආයෝජන මණ්‌ඩලය අවශ්‍ය කරන වාර්තා මේ ආයතනයෙන් අවස්‌ථා තුනකදී ඉල්ලා තියෙනවා. එය ලබා නොදීම නිසා ප්‍රතික්‍ෂේප කර තිබෙනවා.

මෙහි ආයෝජනය යූරෝ බිලියන 5 ක්‌ (ඇමරිකන් ඩොලර් මිලියන 25 ක්‌) මෙපමණ ආයෝජනයක්‌ වුණත් අවශ්‍ය ලිපි ලේඛන ලබානොදී අනුමැතිය දෙන්න බැහැ. ආයෝජන මණ්‌ඩලයට ව්‍යාපෘතියට මුදල් රැගෙන එන ආකාරය, එම මුදල් වියදම් කරන ආකාරය ඇතුළු වාර්තා රැසක්‌ ලබාදෙන්න ඕන. නමුත් මේ ආයෝජනය සඳහා සංකල්පයක්‌ පමණයි ඉදිරිපත් කරල තියෙන්නේ. සංකල්පවලට අනුමැතිය දෙන්නේ නැහැ. සොයා බැලීමක්‌ නොකර අනුමැතිය දීම තුළින් නොයෙක්‌ බදු සහන යටතේ වෙනත් දේ රටට එන්න ඉඩ තියෙනවා.

මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ආයතනයේ අධ්‍යක්‍ෂවරු කවුද කියලා නැහැ. මෙවැනි තත්ත්වයක්‌ තමයි සිදුවී ඇත්තේ. මම ඉතාලියේ විදෙස්‌ සමුළුවකට සහභාගි වී දේශනයක්‌ අවසන් කර ප්‍රශ්න ඇසීමට ලබාදුන් අවස්‌ථාවේ මේ ව්‍යාපෘතිය ගැන විමසීමක්‌ කළා. එම අවස්‌ථාවේ විදේශ නියෝජිතයන් සිටි නිසා පසුව ඒ ගැන සාකච්ඡා කරමු කියා මම කිව්වා. ඉතාලි ජාතිකයන්ට ඉංගී්‍රසි දැනුම නැහැ. භාෂා පරිවර්තකයෙක්‌ හරහා ඔය ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂවරයෙක්‌ ලෙස පෙනී සිටි අයෙක්‌ ව්‍යාපෘතිය ආරම්භ කරන්න මෙරටින් අක්‌කර 7000 ක්‌ ඉල්ලුවා. ඒ සමඟම ඔහු සමඟ කතා කරනවිට ඔහුට අක්‌කර 1500 ක්‌ මෙරට තියෙන බව කිව්වා. මමත් නීතිඥයෙක්‌ නිසා ඔහු කරන ප්‍රකාශ අසත්‍ය බව වැටහී ගියා.

ඇමැති මලික්‌ සමරවික්‍රම, මම, ආයෝජන මණ්‌ඩලයේ ඉහළ නිලධාරීන් ව්‍යාපෘතිය රටට ගේන්න අල්ලස්‌ ඉල්ලන කතාවක්‌ ගියා. මම මේ ලංකාවේ පුද්ගලයෝ කවුද කියලා හොයලා බැලුවා. මට ජාඇල ප්‍රදේශයෙන් මේ පුද්ගලයෝ ගැන තොරතුරු ලැබුණා.

මේ තුන්දෙනාම රාජ්‍ය, පෞද්ගලික බැංකු ඇතුළු මූල්‍ය ආයතන කිහිපයකින් ණය ලබාගෙන ණය නොගෙවීම නිසා ක්‍රිබ් එකට ඇතුල්වී සිටින අය බව පෙනී ගියා. ඇතැම් මූල්‍ය ආයතන විසින් මේ වන විටත් නඩු පවත්වාගෙන යනවා. මෙවැනි පුද්ගලයන් ද මෙතරම් විශාල ව්‍යාපෘතියක්‌ රටට ගේන්න යන්නේ. මින් එක්‌ අයෙක්‌ ආයෝජන මණ්‌ඩල ව්‍යාපෘතියක්‌ ලෙස සොසේජස්‌ කර්මාන්ත ශාලාවක්‌ ආරම්භ කිරීමට යෑයි කියා මිලියන 25 ක්‌ වංචා කිරීම සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණයේ නඩුවක්‌ පවත්වාගෙන යනවා.

මට තියෙන දුක මෙවැනි වංචාකාරී ඕනෑම පුද්ගලයකුට මාධ්‍ය හමුවක්‌ පවත්වා ඕනෑම අයකුට මඩ ගහන්න තියෙන අයිතිය රටේ පැවතීමයි. මට බොරු චෝදනා කරලා කීර්ති නාමය නැති කරලා. මේ සිද්ධියෙන් මගේ අම්මා මානසික පීඩනයට පත්වෙලා. මට රටේ දේශපාලනය කරනවාද නැද්ද කියලා හිතා ගන්න බැරිව ඉන්නේ. අම්මා නම් කියන්නේ ඉවත්වෙන්න කියලා.

– divaina

Related posts

එතනෝල් කාරයෝ ජාවාරම්කාරයෝ එක්ක ෆේස් ටූ ෆේස් හැප්පෙන්න මට ගිනි අවියක් ඕනමයි – රන්ජන්

colombotoday

ලොකු ලූනු මිල නැවතත් ඉහලට

Admin

ඇමතිලාගේ, කාර්ය මණ්ඩලයේ වියදම් කපන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි…

colombotoday

අධිකරණයෙන් ඇප ලැබූ ඥාණසාර හිමි පොලීසියෙන් අත්අඩංගුවට ගනී !

colombotoday

ටෙලි නිලියක් මහ රෑ ‍ගේට්ටුවත් කඩාගෙන පාර්ලිමේන්තු ගිහින්… ගොඩින් බේරෙන්න තරුණ ඇමතිගෙන් අත හිත

colombotoday

2022 රජයේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 2,505ක්

colombotoday