Articles

දකුණු කොරියාව අනුගමනය කළ කොරෝනා පාලනයේ ටී-3 ක්‍රමවේදය

ලෝකයේ ඇතැම් රටවල් කොවිඞ් 19 වෛරස ආසාදනයෙන් සොහොනක් බවට පත් වෙද්දී තවත් රටවල් කෙසේ හෝ මෙම වෛරස ආසාදනයෙන් තමන්ගේ රටේ ජනතාව ආ

රක්ෂා කර ගත් අන්දම ඉතාම අපුරුයි. ඒ අතරට ශ‍්‍රි ලංකාවද ඇතුලත් වේ. එකම වෛරසය දෙයාකාරයකට ප‍්‍රතිචාර දැක්වූයේ නැතැත් එක් එක් රටවල් විසින් අනුගමනය කරන ලද සෞඛ්‍ය සහ වෙනත් සමාජ පිළිවෙත් ඒ වෙනුවෙන් හේතු පාදක වී තිබේ.

කොරියාව මේ වෙනුවෙන් T-3 ක‍්‍රමය අනුගමනය කරනු ලැබේ. මිලියන 51.5 ක ජනගහනයක් ඇති කොරියාවේ මුල්ම ආසාදිතයා ජනවාරි 20 වැනි දින හඳුනා ගෙන තිබේ. එයින් අනතුරුව කොවිඞ් ආසාදිත රෝගීන්ගේ ව්‍යාප්තිය 10,000 ක් ඉක්මවා ගොස් මරණ 200 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. නමුත් සෙසු බටහිර සහ යුරෝපා රටවලට සාපේක්ෂව දකුණු කොරියාව මෙම වසංගත තත්වය පාලනය සඳහා අනුගමනය කරන ලද T-3 ක‍්‍රමවේදය ඉතා සාර්ථක ලෙසින් සමාජය සඳහා ආදේශ කරන ලදී. ඒ නිසාම දකුනු කොරියාව තවත් කොවිඞ් 19 වසංගතයේ දරුණුතම ඛේදවාචකයක් බවට පත්වීමට තිබුණ අවදානමෙන් ඉවත්ව ඇත.

කොවිඞ් 19 ආසාදිත වසංගත තත්වය පාලනය කිරීමේදී දීප ව්‍යාප්ත පරීක්ෂන සමග හඳුනාගත් ආසාදිතයන් සමග සම්බන්ධතාවයන් ගොඩ නගා ගත් ජාලය හඳුනා ගැනීම සමග වහාම එම පිරිස හුදෙකලාකරණය කිරීමට පියවර ගත්හ.

T-1 අනුරේඛනය Trace

දකුණු කොරියාවේ ‘‘ජියොන්ග්පු’’ ප‍්‍රදේශයේ ඉංගි‍්‍රසි ගුරුවරයෙකු ලෙස සේවය කරන එංගලන්තය ජාතික ‘‘බෙන් ග‍්‍රිපින්’’රෝහලට ගියේ සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂනයක් වෙනුවෙනුයි. එහිදී ඔහුගේ ශරීර උස්ණත්වය සාමාන්‍ය තත්වයට වඩා යම් අගයකින් ඉහළන් පැවැති නිසා ඔහු පැමිණි පරීක්ෂණය පසෙක තබා කොවිඞ් 19 ආසාදිතයෙක්දැයි වූ පරීක්ෂණය වෙත යොමු කරන ලදී.එහිදී සම්පූර්ණයෙන්ම සීල් කරන ලද කුටියකට ඔහු කැඳවා ගෙන ගොස් තත්පර 45 ක කාලය තුළ ඔහුගේ උගුරෙන් ලබා ගත් සෙම් පටල පරීක්ෂාවෙන් බෙන් කොරෝනා ආසාදිතයෙක් බැව් හඳුනා ගන්නා ලදී. මෙහිදී ඔහුට ප‍්‍රශ්නාවලියක් ලබා දී තිබේ.ඒ කොරියාවේ කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් අනුගමනය කරන මූලික හෙවත් T-1 පරීක්ෂණයයි.

T – 2 පරීක්ෂා කිරීම Test

යම් පුද්ගලයෙකු කොවිඞ් 19 ආසාදිතයෙක් බැව් හඳුනා ගත් සැනින් ස්වයංකි‍්‍රය කෙටි දුරකථන පණිවිඩ සේවාවක් කි‍්‍රයාත්මක වේ. එයින් ආදාල ආසාදිතයා  ගෙවුන පැය 72 ක කාලය තුළ සංචරණය කළ ස්ථාන පිලිබඳව තොරතුරු දන්නවා නම් ඒ බැව් සෞඛ්‍ය මධ්‍යස්ථානයේ කි‍්‍රයාත්මකව පවතින තොරතුරු මධ්‍යස්ථානයට දැණුම් දීමට සැලසුම් කර තිබේ. මෙතැනදී රෝගියාගේ නම සඳහන් නොවන නමුත් පදිංචි ස්ථානය, රැකියාව සහ වයස ගැන තොරතුරු ඇතුලත් වේ.මේ ගැන අත්දැකීම් ඉදිරිපත් කරන මහාචාර්ය ‘‘හුයින් පාක් ’’ සඳහන් කරන්නේ නිතරම පුරුද්දක් විදිහට අත් සෝදන තමාට කොරෝනා වැළඳීමට කිසිසේත්ම අවස්ථාවක් නැතැයි යන අධිතක්සේරුවේ ඔහු සිටි බවයි. ඒත් හදිසියේම වාගේ කැස්ස, උගුර වියලීම සහ පපුව තදවීම වැනි අපහසුතා ඇති වුන නිසා ඔහු ප‍්‍රාදේශීය සෞඛ්‍ය මධ්‍යස්ථානයේ දුරකථන අංකයට ඇමතුමක් ගෙන මේ අපහසුකම් ගැන දැණුම් දුන්නා.කොරෝනා ආසාදිතබව පිළිබඳව පරීක්ෂා කිරීමට පාක් මහතා දැණුවත් කළ රෝහල් බලධාරීන් නගර සභාවේ සහය ඇතුව ඔහු ගමන්ගත් තැන් පිළිබඳව සියළු තොරතුරු ලබා ගැනීමට සමත් විය. තමා කොරෝනා ආසාදිතයෙක් නොවන බවට ගොඩ නගා ගෙන තිබුන විශ්වාසය බිඳ වැටුන අතර ඇත්තටම මම හරිම මෝඩයෙක් යැයි මහාචාර්ය හුයින් පාක් සඳහන් කර තිබේ.

T-3 ප‍්‍රතිකාර

වහාම කි‍්‍රයාත්මක වන පරිදි පාක් මහතා රෝහල්ගත කරන ලදී. දැඩි සත්කාර ඒකකයේ නිරෝධායන කාමරයට ඇතුලත් කරන ලද ඔහු වෙනුවෙන් ඇවැසි ප‍්‍රතිකාර ලබා දීම නිසා දින නවයක් තුළ පූර්ණ සුවය ලබා ගත හැකි විය.

නිවසට යෑමට පෙරාතුව තවත් පරීක්ෂණ දෙකකින්ම ඔහු කොරෝනා ආසාදිතයෙක් නොවන බැව් තහවුරු වීමෙන් පසුව රෝහලෙන් නික්ම ගියේය.නිවසට ගොස් තවත් දින 14 ක් නිරෝධායනය වීමට දැණුවත් කරන ලදී.

දකුණු කොරියාවේ ජනගහනයෙන් ලක්ෂයක් සඳහා දැඩි සත්කාර ඇඳන් 10.6 ක් ඇත. මේ තත්වය එක්සත් ජනපදයේදී ලක්ෂයකට දැඩි සත්කාර ඇඳන් 6.6 කි.ඒ අනුව දකුණු කොරියාවේ තත්වය ඉහළ අගයක් ගෙන තිබේ. එසේ වුනත් පෙබරවාරි මාසයේදී කොවිඞ් ආසාදිතයන්ගේ සංඛ්‍යාත්මක ඉහළ යෑම සමග දැඩි සත්කාර අංශයේ තදබදය වලක්වා ගැනීම සඳහා  රෝගීන් වෙනුවෙන් ප‍්‍රමුඛතාවය පෙළ ගසන ලදී.ඒ අනුව වයෝවෘද්ධ අයටත්, අසාධ්‍ය රෝගීන්ටත් වැඩි අවධානයක් දක්වන ලද අතර සෙසු රෝගීන් වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථානයන්හි ප‍්‍රතිකාර කිරීමත් ආරම්භ කරන ලදී.

ගි‍්‍රන්ලන්තයේ කොවිඞ් 19 පරාජය කළ හැටි..

ඩෙන්මාර්කයේ යටත් විජිතයක්ව පවතින ගි‍්‍රන්ලන්තයෙන් මුල්ම කොරෝනා ආසාදිතයා පිළිබඳ වාර්තාව ලැබුනේ මාර්තු 16 වැනි දිනයි. ඔහු නුක් නුවර වැසියෙකි. එරට අග‍්‍රාමාත්‍ය ‘‘කිමි කියෙල්සන් ’’ විසින් ආසාදනයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වහාම අනවශ්‍ය ගුවන් ගමන් නතර කළ අතර රට අභ්‍යන්තයේ ගුවන්ගමන්ද අත්හිටුවන ලදී.ජනයා රැුස්වීම පාලනය කළ අතරමාර්තු 28 වැනි දින පටන් මත්පැන් අලෙවිසැල් සම්පූර්ණයෙන්ම වසා දමන ලදී. ඒ වෙන විටත් ගි‍්‍රන්ලන්තයෙන් කොවිඞ් 19 ආසාදිතයන් එකලොස් දෙනෙකු හමු වී සිටි අතර ඔවුන් වෙනුවෙන් ප‍්‍රතිකාර කිරීම රෝගීන්ගේ නිවෙස්වලම සිදු විය. මේ නිසා එරට ආසාදිතයන් එකොලොස් දෙනාට පමණක් සීමා වී වසංගතය පරාජය කරන ලදී.

පුන්‍යා චාන්දනී ද සිල්වා
ඒ.එෆ් පී සහ ටෙලිග‍්‍රාප් ඇසුරිනි

Related posts

ජාතියක් බෙලහීන කරන, පාසල් දරුවන් බිලිගන්න “ටැබා” බදුල්ලෙනුත් මතු වෙයි !

colombotoday

ජාතික ආදායමෙන් 99%ක්ම ණය ගෙවන්න වෙන්වෙලා.. පුස්සො ලං වෙලා, ආණ්ඩුව දැන් හිර වෙලා !

colombotoday

ශ්‍රී ලංකාව යුද්ධය ජයගත්තේ කෙසේද: නොසලකා හැරි ජයග්‍රහණයකින් උගත හැකි උපායමාර්ග – ආචාර්ය පීටර් ලේටන්

colombotoday

පරිප්පු සමග බලෙන් දුන් පළාත් සභා – 1

colombotoday

අවසන් සටනේ මුහමලේ සිට නන්දිකඩාල් කලපුව දක්වා පැමිණි ගමන – මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා

colombotoday

ISIS ප්‍රහාර හමුවේ නිරුවත්වන චැනල් 4 සහ රාජ්‍ය නොවන සංවිධාන

colombotoday