Colombo Today Local News

දකුණු වෙරළේ ඉන්න සීල් මත්ස්‍යා ආසන්නයට යන්න එපා – වනජීවී දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

ශ්‍රී ලංකා මුහුදු කලාපයේ දකුණු වෙරළට ආසන්නව සති තුනක පමණ කාලයක සිට රැඳී සිටින සීල් යන නමින් හඳුන්වන ක්ෂීරපායි සත්ත්වයා ආසන්නයට නොයන ලෙස වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

දියවැලකට ගසාගෙන පැමිණි බවට අනුමාන කරන මෙම සත්ත්වයා, යම් කලබලකාරී වටපිටාවක් තුළ කෝපයට පත්ව සපා කෑමට පවා පෙළඹිය හැකි බවද එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

මෙම සත්ත්වයා පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසියේ සමුද්‍ර ඒකකය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් නිරතුරුවම සොයා බලමින් සිටින බවද හෙතෙම පවසා සිටියේය.

මේ හේතුවෙන් අදාළ සත්ත්වයා ගැවසෙන ගල්පර අසන්නයට නොගොස් නිලධාරීන්ගේ රාජකාරිවලට සහය දක්වන ලෙසත්, සත්ත්වයා නිරීක්ෂණය කිරීමට අවශ්‍යනම් මීටර් විස්සකට වැඩි දුරක සිට අදාළ කටයුතු කරන ලෙසත් ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ආහාර සොයා සිදුකළ සංචාරයකදී දියවැලකට හසුව ශ්‍රී ලංකාව දෙසට පැමිණ ඇති බවට අනුමාන කරන මෙම සත්ත්වයාගේ මේ වනවිට පැවැති සම ඉවත් වී අලුත් සමක් වර්ධනය වෙමින් තිබෙන බවත්, මෙවැනි කාලවලදී එම සත්ත්වයාට විවේකය අවශ්‍ය බවත් හෙතෙම පවසා සිටියේය.

මෙම තත්ත්වය මත ඇතැමුන් මෙම සත්ත්වයාට තුවාල කැළැල් ඇති වී තිබෙන බවට අර්ථ ගැන්වීමට උත්සාහ කරන බවත්. එහෙත් සීල් වර්ගයට අයත් සත්ත්වයන්ගේ පැරණි සම ඉවත්වී අලුත් සමක් ඇතිවන බවත් ඒ මහතා පවසා සිටියේය.

Related posts

අප්‍රේල් තෙක් අඛණ්ඩව විදුලිය සැපයීමට සැලසුම්

colombotoday

රුවන්පුරේ මැණික් කැටවලට ස්විස් රටෙන් අපමණ අගයක්!

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් රටවල් නවයක්.. පොලිසි නවයක්.. චන්ඩීන් නවයක් !

colombotoday

ඉන්ධන නැති නිසා බස් ගමන්වාර සියයට 50 කින් අඩු කරයි

colombotoday

වියදම කෝටි 1400යි, ශරියා දේශකයන් මක්කමෙන්, ඊජිප්තුවෙන් – ආසියාවම අස්ථාවර කළ හැකි, අන්තවාදී උපාධි කඩය ගැන ඇග සලිත වන හෙළිදරව්වක්…

colombotoday

“05 වැනිදාට ඉර පායන්නේ අගමැතිට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කරමින්” – විමල්ගෙන් සහතිකයක්

colombotoday