Colombo Today Local News

දකුණේ සිංහල ඡන්දවලින් 50%ක් සජිත්ටයි… ඔහු දිනවන්නේ මුස්ලිම් දෙමළ ඡන්දවලිනුයි – හකීම්

උතුරු නැගෙනහිර ඡන්දවලින් සියයට අනූවක්ම ලැබෙන්නේ නව ප්‍රජාතාන්ත්‍රවාදී  පෙරමුණේ අපේක්ෂකයාට බැවින් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය ස්ථිර බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසයේ නායක නගර සංවර්ධන ජල සම්පත් සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

අද (12) අකුරණ අරෆා උත්සව ශාලාවේ පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමින්  හකීම් මහතා මේ බව පැවසීය.

දකුණේ සිංහල ඡන්ද මේවන විට සියයට පනහ පනහේ තියෙනවා. ඉදිරි දින දෙක තුල මෙය තවත්  සජිත් ගේ පැත්තට වැඩි වෙන්න පුළුවන්. 

නමුත් උතුරු නැගෙනහිර ඡන්දවලින් සියයට අනූවක්ම සජත් ප්‍රේමදාස මහතාට  ලැබෙනවා.  ඒකේ කිසිම සැකයක් නෑ.  උතුරු නැගෙනහිරින් පිටත ජීවත් වන දෙමළ මුස්ලිම් ජනතාවගේ ඡන්දත් විශාල ප්‍රමාණයක් ලැබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාටයි. 

Related posts

නව දුන්හිඳ ඔඩිසි ධාවනයට එක් කරයි

Admin

ලෝක වාර්තාවක් තබන බවට ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්

colombotoday

ජනපතිගෙන් නව වෙළඳපොළ සංකල්පයක්

colombotoday

දිවුලපිටියේ සිට මොණරාගලට පැමිණි කාන්තාවකටත් කොරෝනා බව තහවුරු වෙයි

colombotoday

ගැටලු රැසක් ඇති වූ නිර්වින්දන ඖෂධ 2 භාවිතයෙන් ඉවත් කරයි

Admin

දුම්රිය සේවක වර්ජනය : කිසිදු දුම්රියක් ගමන් ආරම්භ නොකරයි

colombotoday