Colombo Today Local News

දියතලාව බස් බෝම්බ සිද්ධියට හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට

දියතලාව කහගොල්ලේදී බස් රථයක පුපුරාගිය අත් බෝම්බය රැගෙන ආ හමුදා සමාජිකයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඔහු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

පසුගිය 21 වනදා දියතලාව බණ්ඩාරවෙල මාර්ගයේ කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තුල සිදුවු පිපිරීමෙන් 19 දෙනෙකු තුවාල ලැබීය.

මෙම සිද්ධියට අදාළව පොලිසිය සිදු කළ විමර්ශණවලින් අනතුරුව මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අදාළ බස් රථයේ ගමන් කළ, යුද හමුදාවේ 6වන විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ බළලත් නිලධාරියෙකි.

Related posts

ජොන්ස්ටන් කොටුව මහේස්ත්‍රාත් හමුවට භාර වී පිටව යයි..

colombotoday

සංචාරක වීසා මගින් පැමිණ කම්කරු රැකියාවේ නිරතව සිටි චීන්නු 14කට වසරක සිරදඩුවම්

colombotoday

පාතාල පුතාගේ අපරාධ මෙහෙයවු මව

colombotoday

වර්ණසිංහට වැඩ බෑ… අමාත්‍යාංශය ලබන සතියේ මහ ඇමතිට

colombotoday

අධිකරණ ඇමති රංජන් නිදහස් කර ගැනීමේ ප්‍රයන්තයක.

colombotoday

අයි.එම්.එෆ් ගැන කරන්න තාක්ෂණික කමිටුවක්

colombotoday