Colombo Today Local NewsCovid 19

දිවුලපිටිය ආසාදිතයන් 506ක් අතුරුදහන්.. බොරු ලිපින දී සැගවිලා.. රටම දැඩි අවදානමක

දිවුලපිටිය ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව තහවුරු කරගත් කොරෝනා ආසාදිතයන් 1034 දෙනාගෙන් ඊයේ පස්වරුව වන විට රෝහල් ගතකර ඇත්තේ 528 ක් පමණක් බව හෙලිවී තිබේ.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් 1725 ක් සඳහා කොරෝනා පරික්ෂා සිදුකර ඇති අතර ඔවුන් නිරෝධායනය සඳහා ඉන්පසු නිවෙස් වලට යොමු කර තිබේ.

නමුත් ඔවුන් විසින් එහිදී ලබා දී ඇති ලිපින හා ජංගම දුරකතන අංක වැරදි බව ද හෙළි වී ඇත.

එම වැරදි ලිපින සහ දුරකථන අංක ලබාදුන් සේවකයන් සොයා බුද්ධි අංශ විසින් මෙහෙයුම් ආරම්භ කර ඇත.

කෙසේ නමුත් එම ආයතනය සේවක ලෙස සියලු දෙනා සහ ආශ්‍රිත යනු නිරෝධනය කිරීමට තීරණය වී තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය විසින් ඊයේ පෙරවරු 10.00ට නිකුත් කර ඇති වාර්තාවේද දැක්වෙන්නේ මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයන් රෝහල්ගත කර ඇත්තේ 509ක් බවය.

No description available.

Related posts

බැදුම්කර සම්පූර්ණ වාර්තාව භාෂා තුනෙන්ම නිකුත් කරන්නැයි ජනපති නියෝග කරයි…

colombotoday

පාස්කු ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය 21, 22

Admin

“තිස් අවුරුද්දක් සමස්ථ රණවිරුවන් කළ කැප කිරීමට සමාන කැපකිරීමක් රට වෙනුවෙන් මාත් කරමින් ඉන්නවා” -ජනපති

colombotoday

දොම්පේ පොලීසියේ අපරාධ අංශයේ OIC මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

colombotoday

අල්ලසක් ගත් ග්‍රාම නිලධාරිනිය අත්අඩංගුවේ

colombotoday

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1400කට ආසන්න වෙයි

colombotoday