Colombo Today Local News

දූෂිතයන් වටේ තියාගෙන ඉන්න සජිත් දූෂිතයන්ට ඇමැතිකම් දෙන්නෙ නෑ කීවට වැඩක්‌ නෑ

සියලු ප්‍රශ්නවලට කලින් රට ආරක්‍ෂා කර ගැනීම මේ රටේ සෑම පුරවැසියකුගේම වගකීම හා යුතුකම බැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව නිවැරැදි තීන්දුවක්‌ ගත යුතු බවත් එසේ නැතිනම් අපි සියල්ලටම විදේශ ආධිපත්‍ය යටතේ වහලුන් බවට පත්වීමට සිදුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විඡේදාස රාජපක්‍ෂ මහතා පැවසීය.

මේ සඳහා තිබෙන එකම විකල්පය ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරවීම බවත් ඒ මහතා රට භාරගත් පසු මේ රටේ බෙදුම්වාදයක්‌, ත්‍රස්‌තවාදයක්‌ ඇති වන්නට ඉඩ නොතියන බවත් රට නොකැඩෙන බවත් රටේ සම්පත් විදේශිකයන්ට විකිණීමට ඉඩ නොතියන බවත් රටේ සියලුම පුරවැසියන්ගේ ආත්ම ගරුත්වය රකිමින් රටේ සංහිඳියාව සුරකින බවත් විජයදාස රාජපක්‍ෂ මහතා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහයෝගය පළකිරීමට ඊයේ (18 දා) එක්‌වූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විඡේදාස රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී විශේෂ මාධ්‍ය හමුවක්‌ අමතමින් මේ බව ප්‍රකාශ කළේය.

ඔහු මෙසේද කීවේය.

ඉතා තීරණාත්මක අවස්‌ථාවකට රට එළඹ තිබෙන අවස්‌ථාවක්‌. පසුගිය වසර හතරහමාරක කාලයේදී යහපාලන ලේබලය යටතේ පැවැති ආණ්‌ඩුවේ විවිධ තනතුරු වගකීම් දැරූ කෙනෙක්‌ හැටියට මම කල්පනා කරනවා අද රට මුහුණපා තිබෙන අර්බුදයෙන් බේරා ගැනීමට මේ රටේ පුරවැසියෙක්‌ ලෙස අපෙන් ලැබිය යුතු දායකත්වය දිය යුතුයි කියලා.

2015 ජනවාරි 8 වැනිදා මේ යහපාලන ආණ්‌ඩුව හැදීමට විශාල දායකත්වයක්‌ ලබාදුන් කෙනෙක්‌ මම. එදා ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මේ රටේ නිර්මාණය කරපු බෙදුම්වාදී ත්‍රස්‌තවාදය මේ රටේ සිටි විධායක ජනාධිපතිවරු හතර දෙනෙකුටම විසඳීමට නොහැකි වුණා.

ලෝකයේ තිබූ දරුණුම ඒ සාපලත් යුද්ධය අවසන් කිරීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා නායකත්වය දෙනවිට ගෝඨාභය රාජපක්‍ෂ මහතා එතුමාගේ ප්‍රධානම ශක්‌තිය හා බලවේගය විදියට ඒ කටයුතු නිමා කළා.

නමුත් මේ රටේ අපි කතා කළා යුද්ධිය ඉවර වුණාට පසු ඒ ආණ්‌ඩුව ගෙනයන පාලනයට වඩා හොඳ ප්‍රසස්‌ත ප්‍රජාතන්ත්‍රවාදයක්‌ රටේ ඇති කරන්න ඕන කියලා. ඒ අරමුණින් තමයි අපි ශ්‍රීලනිපයේ එවකට මහ ලේකම් ලෙස කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා කරගෙන එ.ජා.ප. ය මෙහෙයවලා එතුමා ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තුවේ 41 දෙනෙක්‌ සිටි පක්‍ෂයක්‌ ආණ්‌ඩු පක්‍ෂය බවට පත්වුණා.

ඒ පත්වූ අවස්‌ථාවේ සිට සිදුවූ සියලු දේවල් මේ රටේ මාධ්‍ය මගින් ජනතාවට නිවැරැදිව සන්නිවේදනය වුණා කියලා මම විශ්වාස කරන්නේ නැහැ.

ඒ ආණ්‌ඩුව බලයට පැමිණ කරපු පළමු දේ තමයි පළමු සතිය ඇතුළත ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීම. අප රටේ මහ බැංකු සහන මූල්‍ය පනත අනුව කිසිම අවස්‌ථාවක ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ඇමැතිවරයෙක්‌ගෙන් පිට වෙන කෙනෙකුට පැවරීමට ජනාධිපතිවරයාට බලයක්‌ නැහැ. නමුත් ජනාධිපතිවරයාගේ බලය එතුමා දිවුරුම් දුන් දිනයේ සිට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා භාවිත කළා. ඒ නිසා අගමැතිවරයා එදා ජනාධිපතිවරයාට කළ බලපෑම් මත පළමුවෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව අගමැතිවරයාගේ විෂය පතයට ඇතුළත් කරගත්තා. දෙවැනි අමාත්‍ය මණ්‌ඩල රැස්‌වීම එනකොට ඊළ`ග නීති විරෝධී ක්‍රියාව ලෙස ඇමැති මණ්‌ඩලයට යෝජනාවක්‌ ගෙනාවා. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කළයුතු බවට. එදා ඇමැති මණ්‌ඩලයේ සිටි කෙනෙක්‌ ලෙස ඊට මා දැඩි ලෙස විරුද්ධ වුණා. ඔහු ඒ ධුරයට සුදුසු නැති කෙනෙක්‌ ඔහුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ගැනීමට පවා නොහැකි පුද්ගලයකු නිසා.

නමුත් මමත් ජනාධිපතිවරයාත් විරුද්ධ වුණත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් නොමැතිව මේ රටේ ආර්ථිකය ගොඩගත නොහැකි බවට ආයාචනය කරමින් ඔහු මහ බැංකු අධිපති ධුරයට පත්කර ගත්තා. අවසානයේදී වත්මන් ආණ්‌ඩුවේ සත්සතිය ගතවන දිනයේම මහ බැංකු මංකොල්ලය කළා. එය තමයි අප රටේ ඉතිහාසයේ වූ විශාලතම මංකොල්ලය. ඒ වගේම රටක රාජ්‍ය නායකයෙක්‌ සෘජු ලෙසම මේ වගේ දූෂිත මංකොල්ලයකට සම්බන්ධ වූ පළමු අවස්‌ථාව එයයි.

දින 100 වික්‍රමය ඇතුළත මහ පොළ වැඩපිළිවෙළේ වත්කමක්‌ ලෙස තිබූ මිලියන 40,000 වත්කමක්‌ මාලබේ තොරතුරු තාක්‍ෂණ විශ්වවිද්‍යාලය මිලියන 408 කට විකුණුවා.

ඉන්පසු මැතිවරණය පවත්වා ජිනීවා ගොස්‌ යුද්ධයට පණදුන් සේනාධිනායක මහින්ද රාජපක්‍ෂ මහතා, හිටපු ආරක්‍ෂක ලේකම්වරයා, හමුදාපතිවරු ඇතුළු රණවිරුවන් ජාත්‍යන්තරය සමග එකතුව දංගෙඩියට ගෙන යන බවට චෝදනාවක්‌ තිබුණා. එහි යට කුමන්ත්‍රණයක්‌ තිබූ බව පැහැදිලිවූ නිසා මම ඊට විරුද්ධ වුණා.

.අප රටට විරුද්ධව ජිනීවා කොමිසමට ඇමරිකා එක්‌සත් ජනපදය ගෙනා යෝජනාවට එම අනුග්‍රහය දැක්‌වීමට මංගල සමරවීර ඇමැතිවරයා එක`ග වුණේ අප රටේ ජනාධිපතිවරයා ඇමැති මණ්‌ඩලය පවා නොදැනුවත්වයි. එහි භයානක කම ව්‍යවස්‌ථා විරෝධී බව මම ඔහුට පැහැදිලි කර දුන්නා.

රටට එරෙහිව ගෙනා මෙම යෝජනාවට සම අනුග්‍රහය දැක්‌වීමට කිසිම උවමනාවක්‌ නැහැ. ඇමරිකාව කියන පරිදි ජිනීවා මානව හිමිකම් කොමිසම කුණුවළක්‌ නම් අපට එරෙහිව ගෙනා එම යෝජනාව න්‍යාය පත්‍රයෙන් ඉවත් කරගෙන තිබිය යුතුයි. නමුත් අපට විරුද්ධව මේ ජිනීවා ප්‍රශ්නය තාම තියෙනවා.

මංගල සමරවීර ඇමැතිවරයා හා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පමණක්‌ එක`ග වෙලා අප රටට එරෙහිව යෝජනාව ඉදිරි පත් කර තිබෙන්නේ. මේ රටේ ලොකුම පාවාදීම කළේ දොන් ජුවන් ධර්මපාල කියල සමහරු කිව්වත් එය වැරදියි. මොකද අවුරුදු 30 ක යුද්ධයකින් රට බේරාගත් රණවිරුවන් සියලු දෙනා ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ගෙනියන්නේ පාවා දෙන්නේ මංගල හා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා. ඔවුන් තමයි මේ රටේ සිදුවූ ලොකුම පාවාදීම සිදුකරන්නේ. එනිසා ජනතාවගේ ශාපය බුක්‌ති විඳින්න දෙදෙනාට සිදුවෙනවා.

යහපාලන ආණ්‌ඩුව බලයට ආදා සිට පෝෂණය කළේ බෙදුම්වාදය හා වහබ්වාදයයි. මේ වහබ්වාදය තුළ මේ රටේ අවස්‌ථා කිහිපයකදී ගිනි ඇවිලෙන්න ගියා. මා අධිකරණ ඇමැතිවරයා ලෙස අවස්‌ථා කීපයකදී මැදිහත්ව වළක්‌වනු ලැබුවා. නමුත් ආණ්‌ඩුවට දිගින් දිගටම ජනවාර්ගික ගැටුමක්‌ ඇති කිරීමේ සැලසුමක්‌ තිබුණා. 2016 අයවැය විවාදයේදී පවා මා කිව්වා අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයේ 32 ක්‌ පුහුණු වෙලා රට පුපුරවන්න සූදානමින් ඉන්නවා කියලා..

ඒක කියපු දවසේ ඉඳලා මට ප්‍රහාර එල්ල කළා. මම ජාතිවාදියෙක්‌ කියලා. කවුරුත් ඒ ගැන සොයා බැලුවේ නෑ. නමුත් ආණ්‌ඩුව මේ ත්‍රස්‌තවාදීන් පෝෂණය කරන ආරක්‍ෂා කරන දේශපාලනඥයන් ආරක්‍ෂා කළා.

පාස්‌කු ප්‍රහාරය පිළිබඳ සම්පූර්ණ වගකීම දැරිය යුත්තේ අගමැතිවරයා හා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාදායක සභාව. විධායක ජනාධිපති බලතල පාවිච්චි කළේ අගමැතිවරයා. පොලිස්‌පති වීමට සුදුසුම තැනැත්තාව සිටි එස්‌. එම්. වික්‍රමසිංහ මහතා පත්කළ යුතු බවට ජනාධිපතිවරයා ව්‍යවස්‌ථාදායක සභාවට නම ඇතුළත් කර තිබුණත් එසේ නොකර පූජිත් ජයසුන්දර මහතා පත්කළා.

පාස්‌කු සිද්ධිය සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්‌ දැම්මා. මේකෙන් කළ එකම දේ ත්‍රස්‌තවාදීන් පෝෂණය කළ ඊට නායකත්වය දුන් දේශපාලනඥයන්ට චරිත සහතික දී නැවත ඇමැති ධුර ලබාදීමයි. නැතුව චූදිතයන්ට විරුද්ධව පියවර ගැනීමක්‌ ඉන් සිදුවුණේ නැහැ.

යහපාලන ආණ්‌ඩුව ආවට පසු කුඩු කන්ටේනර් පිටින් එන්න පටන් ගත්තා. මේ වන විට විරුද්ධව කතා කරපු ආණ්‌ඩුව ඇතුලේ හිටපු අපි දේශෙද්‍රdaහියෝ ලෙස සලකන්න පටන් ගත්තා.

සෝµd ගිවිසුම යටතේ ඉඩම් අක්‌කර ලක්‍ෂ 6 ක්‌ ඇමරිකාවට ලබාදීමට අගමැතිවරයාගේ සැලසුමක්‌ තිබුණා. නමුත් අගමැතිවරයාට එය කරගන්න බැරිවුණා.

හම්බන්තොට වරාය විශාල විවේචනයකට ලක්‌වුණා. විශාල වියදමක්‌ දරලා නිර්මාණය කරපු ඒ වරාය ආර්ථික ප්‍රශ්න තිබුණා කියලා එය විකිණීමට කිසිම වුවමනාවක්‌ තිබුණේ නෑ. අපි ඇමරිකානු ඩොලර් මිලියන 70 ක්‌ ණය වී තිබෙන අවස්‌ථාවක හම්බන්තොට වරාය විකුණලා ලැබෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන එකයි. මේක ගැන මම කතා කරන විට මංගල, රාජිත ඇමැතිවරු මා හැඳින්වූයේ ගෝත්‍රිකයෙක්‌ ලෙසට. රටක ගෝත්‍රික ජනතාව තමයි රටට ආදරේ, තම ජනතාවට ආදරේ කරන්නේ.

අපි මේ මහ පොළවට ආදරේ ඒ නිසයි. අපි කිව්වේ අප රටේ ඉඩම් වරායවල් විදේශිකයන්ට විකුණන්න එපා කියලා කිව්වේ.

මොකද අපට රකින්න පරපුරක්‌ ඉන්න නිසා. අපි අක්‌මුල් හිඳී ගිය සමනල රෑන්වල සාමාජිකයෝ නෙමෙයි.

අපිට රට ගැන කැක්‌කුමක්‌ තිබෙනවා. සෑම පුරවැසියෙකුටම ඒ අයිතිය තිබෙනවා. සිංහල දෙමළ, මුස්‌ලිම්, මැලේ ආදිවාසී කියලා වෙනසක්‌ නැහැ. මේ සියලු දෙනා මේ රටේ ගෞරවනීය ලෙස ජීවත් විය යුතුයි.

නමුත් යහපාලන ආණ්‌ඩුව ආපු දවසේ ඉඳලම කළේ පළිගැනීම. එදා අධිකරණ ඇමැති හැටියට මම හු`ගාක්‌ දොaෂාරෝපණයට ලක්‌වුණා. වෙනදා හැම අධිකරණ ඇමැතිවරයෙක්‌ම දොaෂාරෝපණයට ලක්‌ව තියෙන්නේ පක්‍ෂග්‍රාහීව කටයුතු කරලයි. නමුත් අධිකරණයේ ස්‌වාධීනත්වය, නීතිපති දෙපාර්තමේන්තුවේ ස්‌වාධීනත්වය ආරක්‍ෂා කිරීම වරදක්‌ ලෙසයි මට දිගින් දිගටම ප්‍රහාර එල්ල වුණේ.

බැඳුම්කර කොමිසම පිළිබඳව ජනාධිපතිවරයා පත්කරපු ජනාධිපති කොමිෂන් සභාවේ කටයුතු කෙරෙද්දී නීතිපති දෙපාර්තමේන්තුවට ඇ`ගිලි ගසන්න මා ඉඩකඩක්‌ තැබුවේ නැහැ. ඒ ඉඩකඩ නොදුන් නිසා රටේ ජනතාවට දක්‌නට ලැබුණා බැඳුම්කර හොරු ඇත්තටම කවුද කියල දැනගන්න. ඒකට ඉඩ සලස්‌වා දීම වරදක්‌ ලෙස මේ ආණ්‌ඩුව සැලකුවේ.

සජිත් ප්‍රේමදාස කියලා තියනවා හදිසියෙන්වත් ඔහු ජනාධිපති වුණොත් දූෂිතයන්ට ඇමැතිකම් දෙන්නේ නෑ කියලා. එහෙම කිව්වට ජනතාව පිළිගන්නේ නෑ ජනතාවට පිළිගත හැකි විදිහට මහ බැංකු කොල්ලයට සම්බන්ධ අයට අගමැතිකම් ඇමැතිකම් නොදෙන බව බය නැතුව කිව යුතුයි. මහ බැංකු හොරකමක්‌ වුණේ නෑ කියල කුලියට පොතක්‌ ලියූ සුජීව සේනසිංහට ඇමැතිකමක්‌ දෙන්නේ නෑ කියල ප්‍රසිද්ධියේ කියන්න. එහෙම කිව්වොත් ජනතාව පිළිගනීවි. එසේ නැතුව දූෂිතයෝ වටේ තියාගෙන දූෂිතයන්ට ඇමැතිකම් දෙන්නේ නැහැයි කිව්වට වැඩක්‌ නැහැ.

පුරාවිද්‍යා ප්‍රශ්න, ආගමික ස්‌ථානවල ප්‍රශ්න මේ අය විසඳලා නෑ. භාගෙට හදපු ජාත්‍යන්තර ගුවන්තොටුපළක්‌ පාලාලිවල විවෘත කරනවා අංග සම්පූර්ණ ලෙස හම්බන්තොට හදපු ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වී ගබඩා කරනවා.

දැන් රට පාලනය කරන්නේ ලිච්ඡවි රජදරුවන්ගේ බාප්පලාද?

රටේ පාලකයන්ගේ යුතුකම රටේ ජනතාවගේ දේපළ හා ජීවිත ආරක්‍ෂා කිරීමයි. පසුගිය දිනවල අප රටේ පල්ලි ඇතුලේ හෝටල් ඇතුලේ බෝම්බ ප්‍රහාරවලින් මිනිස්‌සු මැරුණා. 360 ක්‌ ජීවිත නැතිවුණා. 500 තුවාල වුණා. රටේ මිනිස්‌සු කඳුළු වගුරවමින් අඬන මොහොතක ආණ්‌ඩුවේ ඇත්තෝ සතුටින් ඉන්නවා.

ඩී. එස්‌. සේනානායක මහතා ආදරයෙන් හදපු එ.ජා.ප. ය දියවෙලා ගියා. බණ්‌ඩාරනායක මහතා ආරම්භ කරපු ශ්‍රී.ල.නි.ප. ය දියවුණා. එය තමයි යහපාලන ආණ්‌ඩුවේ අවසන් ප්‍රතිඵලය.

බෙදුම්වාදයෙන්, අන්තවාදයෙන් රට බේරගන්න බැරි අපි කොහොමද ලෝකයේ තිබෙන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක්‌ ගැන කතා කරන්නේ. දෙමළ සන්ධානයේ ඉල්ලීම් එ.ජා.ප. ය පිළිගන්නවා. පසුගිය අවුරුදු 4 1/2 ට ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයක්‌ හදල ඔය ටික තමයි කරන්න සූදානම් වුණේ. සුමන්තිරම්ලා, ජයම්පතිලා ඊට අවශ්‍ය පරිදි ව්‍යවස්‌ථා කෙටුම්පත් කළා. ඒවාට ඇමරිකාවෙන් මුදලුත් ආවා.

වත්මන් ආණ්‌ඩුව දිගින් දිගටම පළිගැනීම් කළා. හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ ලිපියක්‌ නීතිපති දෙපාර්තමේන්තුවට නිකුත් කළා. ඒක ඇත්ත. ඒක ඉන් එහාට යන එක මම නතර කිරීමටත් කටයුතු කළා. ඒක මම හොර රහසේ කරපු දෙයක්‌ නොවෙයි. ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ පුපුරන ද්‍රව්‍ය ආඥ පනත යටතේ අත්අඩංගුවට ගන්න ගියේ. මේ පළිගැනීම පිළිබඳව මම කතා කරපු අවස්‌ථාවල ආණ්‌ඩු විරෝධියෙක්‌ ලෙස අපි හඳුන්වන්න පටන් ගත්තා.

අවුරුදු 30 ක්‌ මේරට ලේ විලක්‌ කරපු ප්‍රභාකරන් ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ එක පැයකට අත්අඩංගුවට නොගත් රජයක්‌ මේක. නමුත් ලෝකයේ දරුණුම ත්‍රස්‌තවාදය නතර කිරීමට පූර්ණ දායකත්වය දුන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්න හැදුවා. මගේ මැදිහත්වීම මත එය එදා නතර වුණා. පළිගැනීම්වල සීමාවක්‌ නෑ.

රාජපක්‍ෂවරු හොරකම් කළා කියලා රාජිත කිව්වා. මේ පිළිබඳව සොයන්න කණ්‌ඩායමක්‌ ඩුබායි රාජ්‍යයට ගියාම ශ්‍රී ලංකා ආණ්‌ඩුවට පිස්‌සුද කියලා අහලා තිබුණා. මේ වගේ මඩ ප්‍රචාර තමයි කළේ.

ප්‍රශ්නය – ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහයෝගය පළකිරීමට ඔබ එකතු වීමත් සමග ඔබගේ මන්ත්‍රී ධුරය පිළිබඳ අවදානමක්‌ තිබෙනවා නේද?

පිළිතුර – මම ඇමැතිකම් තුන්වරක්‌ ප්‍රතික්‌ෂේප කරපු කෙනෙක්‌. ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වෙලත් තියෙනවා. ඒ නිසා ඇමැති ධුර මන්ත්‍රී ධුර අහිමි වීම මට ප්‍රශ්නයක්‌ නොවෙයි. ඇමැතිකම් අත්හැර දාපු මට මන්ත්‍රීකම මොකක්‌ද?

Related posts

ඥානසාර හිමි පිලිබදව එල්ලාවල හිමිගෙන් විශේෂ හෙළිදරවුවක්

colombotoday

අටළුගම ෆාතුමාගේ නඩුවේ පරීක්ෂණ බණ්ඩාරගම පොලිසියෙන් මිරිහානට මාරු කිරීමට අධිකරණයෙන් නියෝග.

colombotoday

මෙතෙක් කල් බාර ගත්තේ නැති කිසි දෙයක් දැන් බාර ගන්න සූදානම් නැහැ – රනිල් වික්‍රමසිංහ

colombotoday

මාලබේ ට්‍රැෆික් OICට මරණීය තර්ජන කල සැරයන් රිමාන්ඩ්

Admin

කුඩු විකුණා උපයාගත් කෝටි 100 ක් ඩුබායි රටට ඇද්ද හැටි, මොහොමඩ් සිද්දික් කියයි

colombotoday

පළාත් සභා ඡන්දය තිබ්බොත් ආණ්ඩුව ගෙදර. මුලින්ම එන්නේ ජනාධීපතිවරණයක් – මෛත්‍රී පවසයි.

colombotoday