Uncategorized

දෙමළ සමූලඝාතනයක් සිදුවූ බව ජාත්‍යන්තරයට ඒත්තු ගන්වන්න – විග්නේෂ්වරන් ද්‍රවිඩ නීතිවේදීන්ගෙන් ඉල්ලයි

ශී‍්‍ර ලංකාවේ ද්‍රවිඩ සමූල ඝාතනයක් සිදු වූ බවට ජාත්‍යන්තර ප‍්‍රජාවට ඒත්තු ගන්වන්නැයි උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා ද්‍රවිඩ ඩයස්පෝරාව, ද්‍රවිඩ නීතිවේදීන් සහ ද්‍රවිඩ දේශපාලකයන්ගෙන් ඉල්ලා ඇත.

 තමා උතුරු පළාත් සභාව මෙහෙයවන සමයේ ශී‍්‍ර ලංකාවේ රජය ද්‍රවිඩ සමූල ඝාතනයක් සිදු කළ බවට යෝජනාවක් සම්මත කර එම යෝජනාව මානව හිමිකම් කවුන්සිලයට යැවූ බව ඔහු කියා සිටියේය.

 2009 දී සිදු වූයේ කුමක්දැයි ජාත්‍යන්තර ප‍්‍රජාවට ඒත්තු ගැන්වීමේ කාලසීමාව පැමිණ ඇති බව ද හෙතෙම තවදුරටත් ප‍්‍රකාශ කර ඇත.

 යාපනයේ පැවැති රැුස්වීමකදී ඔහු මේ බව පවසා ඇත.

දිවයින

Related posts

රන්ජන් රාමනායක අධිකරණය හමුවට

colombotoday

චැනල් 4 වීඩියෝව ඇත්තක් බව පරණගම වාර්තාවෙන් පිළිගෙන නෑ.. ඒක පට්ටපල් බොරුවක් – ගම්මන්පිල

colombotoday

එස්.බී.ගෙන් සජිත්ට ප්‍රශ්න 3ක්

colombotoday

ජයවර්ධනපුර රෝහලේ තත්වය සාමාන්‍යයි.

colombotoday

“2020 අගමැති අපේක්ෂකයා මමයි” විධායකයෙන් පාර්ලිමේන්තුවට ජනපතිගෙන් කරණමක්?

colombotoday

මාලබේ බොබ් මාලි අල්ලයි

colombotoday