Colombo Today Local News

දේශපාලන වාසි ලබා ගැනීමේ පහත් වැඩපිළිවෙලක නිරත වන විපක්ෂය රටවිරුවන් නොසලකා හරින බව කියයි- නිමල් ලාන්සා

රණවිරුවන්ට මෙන්ම රට විරුවන්ට නිසි ගෞරවය හා ආරක්ෂාව ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය කටයුතු කරන බව හිටපු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

විදෙස්ගතව සිටින පිරිස් නැවත ලංකාවට ගෙන්වා ගැනීමේ කටයුතු සෞඛ්‍ය උපදෙස් මත ක්‍රමාණුකූලව නිසි යාන්ත්‍රණයක් මත සිදු කෙරෙන ක්‍රියාවක් බවත්, ඒ සදහා අවශ්‍ය සෘජු මැදිහත්වීම හා උපදෙස් ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා විසින් ලබා දෙන බවද එතුමා පැවසීය.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ලෝකයේ සියළු රටවල් දැඩි පීඩණයකට පත්ව ඇති අවස්ථාවක විදෙස්ගතව සිටින පිරිස් යළි මෙරටට ගෙන්වා ගන්නා ලෙස රජයෙන් ඉල්ලීම් කර ඇත.

දැනටමත් අදියර කිහිපයක් යටතේ විදෙස් ගතවූ පිරිස් මෙරටට ගෙන්වීමට කටයුතු යොදා ඇති අතර එම පිරිස් නිරෝධායනය කොට රෝගී පිරිස් ප්‍රතිකාර සදහාත් නිරෝගී පිරිස් නිසි ආරක්ෂිත වැඩපිළිවෙලක් යටතේ ඔවුන්ගේ නිවෙස් කරා යොමු කරවීමටත් කටයුතු කර තිබෙන බව නිමල් ලාන්සා මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් විපක්ෂය අනවශ්‍ය කලබලයට පත්විය යුතු නොමැති බවද ඔහු පවසයි.

ඔවුනට අවශ්‍ය වී ඇත්තේ කොවිඩ් 19 වසංගතයෙන් රටත් ජනතාවත් ආරක්ෂා කරනවා වෙනුවට මෙම සියළු ක්‍රියාදාමයන් කඩාකප්පල් කර දමා රටත් ජනතාවත් අනාරක්ෂිත කොට සිය දේශපාලනික අවශ්‍යතා ඉටු කර ගැනීමයි.

රට විරුවන් නොසලකා හැරි ඇති බවට වැරදි මතයක් විපක්ෂය විසින් සමාජගත කර දේශපාලන වාසි ලබා ගැනීමේ පහත් වැඩපිළිවෙලක ද නිරත වෙමින් සිටින බව නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

නාවලපිටියේ අය වැය වැඩි ඡන්ද 12කින් සම්මතයි

Admin

උඩරට වෙස් ඇදුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කරයි

Admin

මහ බැංකුවෙන් පොළී අනුපාත ගැන දැනුම්දීමක්

colombotoday

ඓතිහාසික පාෂාණ පබ්බත විහාරය කොටි අවතාර යටතට?

colombotoday

51%ක කොටස් චීන සමාගමකට පැවැරීමට ගිවිසුම් ගහලා

colombotoday

බිම්බෝම්බ ඉවත්කිරීමට වාර්ෂික අවබෝධතා ගිවිසුමක්

colombotoday