Colombo Today Local News

මුහුද රළුයි, සුළං සැරයි… ධීවරයන්ට අනතුරු ඇගවීමක් !

පවතින තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය සමඟ මුහුදු ප‍්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බැවින් අනිද්දා (20) අලුයම 5.30 වනතුරු අවදානම් ප‍්‍රදේශයන්හි ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දීමක් කර තිබේ.

මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප‍්‍රදේශවල සුළෙඟ් වේගය විටින් විට පැයට කිලෝමීටර 70, 80 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම ප‍්‍රදේශයන්හි ධීවර කටයුතුවල යෙදීමේ දැඩි අවදානමක් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ජනක හඳුන්පතිරණ මහතා පැවසීය.

නාවුක ප‍්‍රජාවද මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව ඔහු සඳහන් කළේය.

Related posts

ඇමති චම්පිකගේ පියා කලුරිය කරයි

colombotoday

භික්ෂු වෙසින් පුද්ගලයෙකු රැස්වෙහෙරට. අපරාධයකට පැමිණියා දැයි සැකයක්. | තොරතුරු ඇතොත් දැනුම්දෙන්න.

colombotoday

සාපෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට

colombotoday

කොරෝනා වැලදුනු කාන්තාවට ප්‍රතිකාර කල හෙදියක් විනෝද චාරිකාවක : දුම්රිය මැදිරියේ ගිය නාවික සෙබළුන් 50ක් නිරෝධායනයට

colombotoday

බොරතෙල් නොමැතිව සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට සිට නැවත වසා දමයි

colombotoday

ජල බිල්පත් ගෙවීමට අලුත් ක්‍රමයක්

Admin