Colombo Today Local News

නයිජීරියාව ඇතුලූ රටවල් 11 සඳහා ශ්‍රී ලංකා විසා නීති තද කරයි

නයිජීරියාව ඇතුලූ රටවල් 11 ක පුරවැසියන් සදහා වීසා නිකුත් කිරීමේදී දැඩි අවධාණයක් යොමු කිරීමට ආගනමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. දෙපාර්තමේන්තුව් මාධ්‍ය ප‍්‍රකාශක ගයාන් මිලින්ද මහතා කියා සිටියේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එහිදී දැඩි අවධාණයක් යොමුකර ඇති බවයි.

අදාළ රටවල පුරවැසියන් පැමිණ මෙරට තුළ විවිධ නීතිවිරෝධී ක‍්‍රියාවල නිරතවීමේ අවධානම මෙහිදී සැලකිල්ලට ගෙන තිබෙනවා. සෙසු රටවල පුරවැසියන් සදහා ද වීසා නිකුත් කිරීමේදී විශේෂ අවධාණයක් යොමුකරන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කලේ. පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල වීමෙන් පසු මෙරට ආගමන විගමන ක‍්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කර තිබෙනවා.

කෙසේවෙතත් වීසා නිකුත් කිරීමේදී මෙරට පැමිණෙන අයෝජකයින් සහ විදෙස් සංචාරකයින්ට අපහසුතාවක් ලක්වන කිසිදු ක‍්‍රියාමාර්ගයක් අනුගමනය නොකරන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කලේ.

Related posts

කටුනායකින් පිටත්වෙන මගීන් පැය 4කට පෙර ගුවන්තොටුපලට පැමිණෙන්න

colombotoday

නියෝජ්‍ය නීතිපති යසන්ත කෝදාගොඩ විදේශ ඇමති මංගලගේ පාටියේ.- නීතිය වල පල්ලට

colombotoday

සහජීවනය තකා බෞද්ධයන්ටත් ලේක්හවුසියේ නත්තල් කැරොල් අනිවාර්ය වේ !

colombotoday

වරායේ සේවකයන් දෙදෙනකුට කොරෝනා.. පැත්තක් වසා දමයි

colombotoday

ඩයනාගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි

Admin

හදිසි මෙහෙයුමක්

Admin