Colombo Today Local News

නවකවදය දෙන්නම පෙරටුගාමී ලොක්කෙක් මාතර ගිහින් – නවකවදය දරාගත නොහැකිව රුහුණේ සිසුවියක් රෝහල් ගත කෙරේ !

වේදනා නාශක පෙති අධික ප‍්‍රමාණයක් පානය කිරීම හේතුවෙන් රුහුණු විශ්ව විද්‍යාල‍යේ සිසුවියක් ගාල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ රුහුණු ජාතික විද්‍යාපීඨයේ සිසුවියකි.

නවකවදය දරා ගත නොහැකිව ඇය මෙසේ පෙනඩෝල් අධිමාත්‍රාවෙන් පානය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. එම සිසුවියගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව රෝහල් ආරංචි පවසයි.

රුහුණු විශ්ව විද්‍යාලයේ නවකවදය මැඩීම සඳහා විශ්ව විද්‍යාල පාලනාධිකාරිය දැඩි ලෙස පියවර ගෙන තිබියදීත්, එම උපක්‍රමයන්ගෙන් රිංගා නවකවද භීතිකාව පැතිරවීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය දැඩි වෙහෙසක් ගනිමින් සිටිනා බව වාර්තා වේ.

ඒ සඳහා අන්තරය මෙහෙයවන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන කමිටු නායකයන් මාතරට පැමිණ, නවකවද ක්‍රියාවලිය පුද්ගලිකව සොයා බැලීමට තරම් ඔවුන් මැදිහත් වී තිබෙන බව වාර්තා වේ.

ඒ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ප්‍රධාන බල කඳවුර රුහුණු විශ්ව විද්‍යාලය වීම නිසාත්, එක් වසරක් හෝ නවකවදය ක්‍රියාත්මක නොවුනහොත් එය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විශ්ව විද්‍යාල දේශපාලනයට දැඩි තර්ජනයක් වීම හේතුවෙනි.

ඒ හේතුවෙන් මෙවරත් කෙලෙසක හෝ නවකවදය ක්‍රියාත්මක කොට නවක සිසුන්ගේ මොල සෝදා ඔවුන් සිය දේශපාලනයට ඈදා ගැනීමට කටයුතු කිරීම ඔවුන්ගේ දැඩි අරමුණ වී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

lankamag

Related posts

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට හමුදා ආරක්ෂාව

Admin

නිවාර් චණ්ඩ සුළි කුණාටුවක් විය හැකි බවට අනතුරු ඇඟවීම්

colombotoday

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2017

colombotoday

උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් එළියට… විභාග දෙපාර්තමේන්තුවෙන් තීරණයක්

Admin

හම්බන්තොට වරාය චීනයට දෙන ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබේ !

colombotoday

කේ. එච් නන්දසේන දිවි සැරියට සමුදේ

Admin