Colombo Today Local News

නාටක මාරයි බොරුව හමාරයි… සුදු වෑන් නළුවාගේ පච අතේ රෝල්… (Video)

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයෙන් සුදු වෑන් රථවලින් මිනිසුන් පැහැරගෙන ගොස් වධ දී මරා දැමූ බවත්, සුදු වෑන් රථයක රියෙදුරෙකු බව කියමින් එක්තරා පුද්ගලයෙකු සමග අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දින කිහිපයකට පෙර මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් සිදු කළ ප්‍රකාශ මුළුමනින්ම ගොතන ලද සාවද්‍ය ප්‍රකාශ බවට මේ විට තහවුරු වී තිබේ.

තමා විසින් පැදවූ සුදු වෑන් රථයෙන් පැහැරගත් පුද්ගලයන් මරා අසල පිහිටි වැවක කිඹුලන්ට කෑමට දැමීමට පෙර රදවා තබාගෙන වධ හිංසා සිදුකළ මොණරාගල ප්‍රදේශයේ පවත්වාගෙ ගිය වධකාගාරයක යැයි කියමින් අදාල පුද්ගලයා ඡායාරූපක් ද මාධ්‍ය හමුවේ පෙන්වා සිටි අතර, එහි දැක්වුණු ස්ථානය සොයාගෙන හිරු රූපවාහිනී මාධ්‍ය කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තොරතුරු විමසීමක් සිදුකර ඇත.

එහිදී ප්‍රදේශවාසීන් විසින් අනාවරණය කර ඇත්තේ එම ස්ථානය 1989-90 භීෂණ සමයේ ප්‍රේමදාස ආණ්ඩුව විසින් පවත්වාගෙන ගිය වධකාගාරයක් බවයි. රජයේ නිල නිවසක් වන මෙය මේ වන විට ඉතාම ජනාකීර්ණ ස්ථානයක් වී ඇති අතර චෝදනා කරන ආකාරයේ වධකාගාරයක් එම ස්ථානයේ 2009 තරම් මෑතකාලීනව කිසිසේත්ම පවත්වාගෙන යා නොහැකි බව පවසන ගම් වැසින් මිනී කන කිඹුලන් සිටින වැවක් අහලකවත් නොමැති බවද කියා සිටිති.


https://youtu.be/wsFIe0cM-rg

Related posts

මානව හිමිකම් කොමිසමේ හෙට විශේෂ රැස්වීමක්

colombotoday

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත්

colombotoday

“භාවනා කර කර පොලීසි දුවන්න බෑ” – හිටපු ඇමති රවීගෙන් පොලිසියට චෝදනා

colombotoday

උස ඇති අයට සිකුරුටි.. නැති අයට කම්කරු.. මොලේ නැති අයට අමාත්‍යධූරද?

colombotoday

කටුනායකට ආ ගුවන් යානයක් මත්තල වී ගබඩාවට හරවා යවයි.

colombotoday

20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට !

colombotoday