Colombo Today Local News

නැවත ඇමතිකම බාරගන්නැයි ඉල්ලා කබීර්ගේ අනුගාමිකයෝ උද්ඝෝෂණයක… උද්ඝෝෂණයට කබීරුත් එයි…

පාස්කු දින ප‍්‍රහාර මාලාවෙන් පසුව ඉවත් වු රජයේ අමාත්‍යවරුන් අතර සිටින මාවනැල්ලේ කබිර් හෂිම් අමාත්‍යවරයාට නැවත සිය අමාත්‍යධූරය භාර ගැනිමට යැයි පවසමින් අද 15 දින මාවනැල්ල කබිර් හෂිම් මහතාගේ කාර්යාල පර්ෂවයේ එතුමාට බල කිරිමේ සමකාමී විරෝධතාවයක් පැවැත්විමට කටයුතු යොදා තිබුණි.

එම රැස්විම සඳහා ගම් මට්ටමේ එක්සත් ජාතික පක්ෂිකයන් දැනුවත් කර තිබුණේ මේ සඳහා ජනතාව රැගෙන මාවනැල්ල පක්ෂ කාර්යාල ඉදිරිපිටට උදෑසන එන ලෙසයි.

ඒ අනුව මේ සඳහා ප‍්‍රාදේශිය මට්ටමේ ජනතාව සහභාගි විය.

අමාත්‍යධූර නැවත භාර ගැනිමට යැයි බල කරන මෙම අවස්ථාවට අමාත්‍ය කබිර් හෂිම් මහතාද සහභාගි වි සිටිම විශේෂත්වයකි.

නමුත් මෙම කටයුත්ත ආරම්භ විමට අමාත්‍යවරයාගේ කාර්යාලයට ආසන්න මිටර් 50 ක පමණ දුරකින් ඊට විරෝධතාවය පල කරමින් ස්වාමින් වහන්සේලා පිරිසක් පැමිණි අතර එම ස්වාමින් වහන්සේලා පසුගිය දා අමාත්‍ය කබිර් හෂිම් මහතාට නැවත ආමාත්‍යධූරය ලබා ගන්නා ලෙස පවසා පැවැත්වු ප‍්‍රවෘත්ති සාකජ්ජාව අවස්ථාවේ විරෝධතාවයට එක් වු හිමිවරුන් සහ ගිහි පිරිස වෙති.

මාවනැල්ල නගරයේ සිට හෙම්මාතගම මාර්ගයට හැරෙන හන්දිය අසලදි විරෝධතාවට පල කිරිමට පැමිණි හිමිවරුන් හා පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු විය පසුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔවුන් පිටව ගියේ හිමිවරුන් වෙනුවෙන් අධිකරණ නියෝගයක් ගෙන එමට සුදානම් වන බව දන්වා සිටිම නිසා එම මොහොතේ පිට විය.

පසුව එම අවස්ථාව ආවරණය කරන ලද මාධ්‍යවේදියෙකු වන මා අමාත්‍යවරයා ද සහභාගි වි ජනතාව කරන ඉල්ලිම වන නැවත ආමාත්‍යධූරයේ කටයුතු භාර ගන්නා ඉල්ලිම හා ජනතා හඩ අමාත්‍යවරයාට පැවසිමේ අවස්ථාව ආවරණය කිරිමට අමාත්‍යවරයාගේ කාර්යාල පර්ෂවයට ඇතුලූ විය.

එහිදි විද්‍යුත් මුදිත මාධ්‍ය ආයතන නියෝජනය කරන මාධ්‍යවේදින් පිරිසක් මාධ්‍යවේදියෙකු ලෙස නිල ඇදුමෙන් සැරසි ප‍්‍රවෘත්ති ආවරණය කිරිමට ගිය මාධ්‍යවේදියෙකුට බාධා කරනු ලැබිය.

ඔවුන් එසේ කලේ පසුගියදා පැවැති කබිර් හෂිම් අමාත්‍යවරයාට නැවත අමාත්‍යධූරය භාර ගන්නා ලෙස පවසමින් ස්වාමින් වහන්සේලා පිරිසක් පැවැත්වු ප‍්‍රවෘත්ති සාකජ්ජාවේදි එය මාධ්‍ය ආයතන වල ප‍්‍රචාරය කරන ලෙස වලක්වමින් මේ මාධ්‍යවේදින් පිරිස කටයුතු කිරිම නිසාය.

ඔවුන් එසේ කලේ මුදල් සහ වෙනත් ලාභ ප‍්‍රයෝජන හේතුවෙන් වන බව එම දිනයට පසුදා මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේදි විපක්ෂ නායක කේ.ජි. පියතිස්ස මහතා විසින් සභාව හමුවේ සිය හෙළා දැකිම සිදු කරමින් මාධ්‍යවේදින් සම්බන්ධයෙන් වේදනාවෙන් කතා කලාය.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

Related posts

අයිස්පීල්ල කඳු රක්ෂිතයේ අක්කර 60ක් ගිනි බත් වෙයි

colombotoday

කොවිඩ් ආසාදිතයා ෆේස්බුක් සටහනක් තබමින් කල අනාවරණයක්

colombotoday

නෙත් පුවත් වෙබ් අඩවි වෙත පිවිසීම SLT සහ මොබිටෙල් අවහිර කරලා

colombotoday

පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මරණයට පත්වීම වැළැක්වීමට මාර්ගෝපදේශ මාලාවක්

Admin

දියර කිරි ලීටරයක මිල රුපියල් 40 කින් ඉහළට

colombotoday

මුස්ලිම් ආගම හැර ගිය බණ්ඩාරගම කාන්තාවට බලපෑම් කළ එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග

colombotoday