Colombo Today Local News

නැවත කොරෝනා වැළදුණු කාන්තාවගෙන් වෛරසයේ බෝවීමක් නෑ

කැබිතිගොල්ලෑවෙන් හමු වූ කොවිඩ් ආසාදිත කාන්තාවගෙන් වෛරසය බෝවීමේ හැකියාවක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙවැනි රෝගීන්ගේ ශරීර විෂබීජහරණයට ලක් කර ඇතැයි ද පැවසු වෛද්‍ය අධ්‍යක්ෂවරයා, මෙම තත්ත්වයක් ඉතා කලාතුරකින් සිදුවන අතර, ඒ ගැන අනිසි කලබල වීමක් ඇති කර ගත යුතු නැතැයි ද කියා සිටියේය.

කුවේට්හි සිට පැමිණ කොවිඩ් 19 ආසාදනය වී සිට සුව වී නිවෙස බලා ගිය කාන්තාවකට යළිත් වරක් කොවිඩ් 19 රෝග ලක්ෂණ මතුව තිබේ.

අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අදාළ කාන්තාව මැයි මස 18 වනදා කුවේට්හි සිට මෙරටට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන ම්‍යස්ථානය වෙත යොමුකර සිටිය දී මැයි මස 28 වනදා කොවිඩි 19 රෝගය වැළඳී ඇති බව තහවුරු වී ඇත.

පසුව හෝමාගම මුලික රෝහලේ ස්තාපිත කොවිඩි 19 ප්‍රතිකාර මධ්‍යස්තානයට ඇය යොමු කර තිබේ.

අදාළ කාන්තාව මීට දින දෙකකට පෙර හෝමාගම මුලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව කැබිතිගොල්ලෑවේ පිහිටි නිවස වෙත පැමිණ තිබුණි.

එහිදි යළිත් වරක් කොවිඩ් 19 රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් පෙරේදා අනුරාධපුර රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

එහිදී සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණයෙ දී මෙම කන්තාවය කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වි තිබුණි.

Related posts

කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය තවදුරටත් අත්හිටුවයි

colombotoday

ලංගම බස් සීමාවන් යටතේ මගී ප්‍රවාහනය අරඹයි

colombotoday

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට අභියාචනාධිකරණය දුන් නියෝගය

colombotoday

මහ මැතිවරණය කොටස් වශයෙන්

colombotoday

සියළු විදුලි උප පොලවල් සන්නද්ධ හමුදා ආරක්ෂාව යටතට

colombotoday

CCTV: මන්දමානසික තරුණයෙකුට මුස්ලිම් ජාතිකයන් පිරිසක් පහර දෙයි

colombotoday