Colombo Today Local News

නිරෝධායන ඇදිරිනිතීය අවස්ථානුකූලව කි‍්‍රයාත්මක කරනවා. ශ්‍රී ලංකා පොලිසිය

රට විවෘත කිරීමත් සමඟ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී කොරෝනා වයිරස් ව්‍යාප්තිය වැළැක්වීම සදහා නිරෝධායන ඇදිරි නිතීය අවස්ථානුකූලව කි‍්‍රයාත්මක කරනු ලබන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

කොරෝනා වයිරසය හේතුවෙන් පනවන ලද නිරෝධායන ඇදිරි නිතීය කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්ක තුළ තවදුරටත් බලපැවැත්වෙන බවත් එය අනෙකුත් ප‍්‍රදේශයන්ට අවස්ථානුකූලව කි‍්‍රයාත්මක කරන බවත් පොලිස් මුලස්ථානය නිවේදනයක් මගින් සදහන් කර තිබේ.

එසේම, එහි මෙසේ ද සදහන් ව ඇත.

අත්‍යවශ්‍ය සේවක ප‍්‍රමාණය පමණක් සේවයට කැදවා රාජ්‍ය ආයතන / කාර්යාල විවෘත කිරීමට ගත් තීරණයට අනුව පැමිණෙන සේවකයන්ගේ සේවා හැදුනුම්පත හෝ ආයතනික ලිපියක් හෝ එම ලිපියෙහි ඉලෙක්ට්‍රොනික පිටපත් ඇදිරි නිති බලපත‍්‍රයක් ලෙස භාවිත කළ හැකිය.

මෙහිදී දිස්ති‍්‍රක් මායිම් පසු කරමින් රාජකාරි ස්ථානයට පැමිණෙන හෝ පිටව යන සේවකයින් සදහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහතිකයක් ලබාගැනීම අවශ්‍ය නොවේ.

පොදු ප‍්‍රවාහන සේවා (දුම්රිය හා බස් රථ) මගීන් ප‍්‍රවාහනයේදී සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම පිළිපැදීමට අදාළ බස් හිමියන්, රියැදුරන් හා කොන්දොස්තරවරුන් කි‍්‍රයා කළ යුතුයි.

අත්‍යවශ්‍ය මහජන සේවාවන් සැපයීම සිදු කරන සහ ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ අළෙවි කරනු ලබන තොග හා සිල්ලර වෙළදසැල් විවෘත කිරීමට අවසර දෙනු ලැබේ.

මේ යටතේ ෆාමසී, ග්‍රෙසරී, දුරකතන අළෙවිසැල්, රෙදිපිළි අළෙවිසැල්, පොත් හා පුවත්පත් අළවිසැල් සහ ලොතරැයි අළෙවි කුටි සදහා ද අවසර දෙනු ඇත.

ඉහත පරිදි වෙළදසැල් විවෘතව තැබුවද මහජනයා එම වෙළදසැල් වෙතින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සදහා යා යුත්තේ තමා පදිංචිව සිටින හෝ නවාතැන් ගෙන සිටින ස්ථානයට අාසාන්නතම වෙළදසැල වෙත හෝ සේවා සපයන ස්ථානය වෙත පමණී.

මහජන අවශ්‍යතාවක් සදහා බැහැරව යාමට ඇදිරි නීති බලපත‍්‍රයක් ලබාගෙන තිබෙන පෞද්ගලික වාහන උදේ 10.30ත් පස්වරු 5 ත් අතර කාලය තුළදී පමණක් ගමන් කිරීම සදහා අවසර දෙනු ලැබේ.

කෙසේ නමුත් නිවසින් පිටතට පෞද්ගලික කටයුතු සදහා ගමන් කරන සැම තැනැත්තෙකුම මුඛ ආවරණ පැළදීම මෙන්ම සමාජ දුරස්ථතාවය පවත්වාගෙන යාම ආදී සෞඛ්‍ය ආරක්ෂණ විදි අනුගමනය කළ යුතුයි.

Lankadeepa

Related posts

ජනපතිගේ අද කතාව : ඇලෝසියස්..! අත්අඩංගුවට ගැනීමේ නාටකය සිරසෙන් සජීවීව

colombotoday

ආසාදිතයින් සංඛ්‍යාව 477 ක් දක්වා ඉහළට

colombotoday

හමුදාවට යුධ අපරාධ චෝදනා එල්ල කරන, කොටි හිතවාදී ජයපාලන්ට මංගලගෙන් ආරාධනා

colombotoday

ගාල්ලේ කොවිඩ් මළ සිරුර ආදාහනය කරයි

colombotoday

පළමු වසරේ දැරියකට කනට ගැසූ ගුරුවරියක් අත්අඩංගුවට

Admin

සා.පෙළ ප්‍රතිඵල තවත් දින දෙකකින්

Admin