Colombo Today Local News

නි.පොලිස්පති නාලකගේ තවත් හඬපට රහස් පොලීසියට… පොලිස්පතිගේ නමත් කියවෙයි…

අනිවාර්ය නිවාඩු යැවූ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ දුරකථන සංවාද කිහිපයක් අඩංගු හඬපට හෙට (26දා) දින‍යේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන බව දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ මහතා පැවසීය.

තමාගේ ආරක්ෂාව වෙනුවෙන් නිවසට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව ලබා දී තිබෙන නිසා දින තුනකට පසු ඊයේ (24දා) රාත්‍රියේ නිවසට ගිය බවද ඔහු කීය.  එම ආරක්ෂාව පරීක්ෂණ අවසන් වනතුරු ලබාදීමට කටයුතු කළහොත් දිගටම නිවසේ රැඳී සිටින බවද ඒ මහතා පවසා සිටියේය.

නාමල් කුමාරගේ මහතා මීට පෙර හෙළිකළ හඬපටයක් මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණ සැලැස්මක් පිළිබඳ හෙළි වී තිබේ. අදාළ හඬ පටය පිළිබඳ මූලික පරීක්ෂණ කටයුතු කොළඹ විශ්වවිද්‍යාලයට පවරා ඇතැයි වාර්තාවේ. අවශ්‍ය වුවහොත් මොරටුව විශ්වවිද්‍යාලයේ සහයෝගය ලබා ගැනීමටද සැලසුම් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන අතර, දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ඇතුළු කිහිපදෙනෙකුගෙන් මේ පිළිබඳ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මෙම ප්‍රකාශය සටහන් කරගැනීම අවසන් වූ පසු අනිවාර්ය නිවාඩු යවා සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ ප්‍රකාශ සටහන් කරගැනීමට සැලසුම් කර තිබේ. අවශ්‍ය වුවහොත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමටද සැලසුම් කර තිබේ.

එයට හේතු වී තිබෙන්නේ අදාළ හඬපටය ප්‍රකාශයට පත්කරන අවස්ථාවේදී පොලිස්පතිවරයාගේ නම සඳහන් වීම සහ කැලණිය විහාරස්ථානයේ පැවැති බෝධි පූජාවක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නම ප්‍රකාශ වීමයි.

පොලිස්පති ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නිකුත් කර තිබූ සැහැල්ලු මැෂින් තුවක්කු (එල්.එම්.ජී) දෙකක් රහස් පොලිස් භාරයට ගෙන තිබෙන බවට ප්‍රචාරයක් දියත් වුවද එය අසත්‍යයක් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

එවැනි අවි දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Related posts

“රනිල් අගමැතිකම් කරන ආණ්ඩුවක ඇමතිකම් එපා“ කියා සුසිල් ප්‍රේමජයන්ත විදේශගතවෙයි !!

colombotoday

කුඩා දරුවන් අපයෝජනය කල ටියුෂන් ගුරාගේ අල්මාරියක දරුවන්ගේ යට ඇදුම් තොගයක්.. තවත් අසභ්‍ය වීඩියෝ තැටි 130ක්

colombotoday

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කුරණයට අනුව යුක්ති සහගතද?

colombotoday

මහ බැංකුවට නව සහකාර අධිපතිවරු සිව්දෙනෙක්

colombotoday

කෝටි 5000ක බාල පිළිකා ඖෂධ ගෙන්වීමේ උත්සාහය නතර කරන්න වෛද්‍ය සංගමය ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

ජෙහාන් ඇතුළු උද්ඝෝෂකයින් පිරිසක් රස පරීක්ෂක හමුවට

colombotoday