Colombo Today Local News

නීතිවිරෝධීව ගෙන් වූ කහ කිලෝ 33000ක් බ්ලුමැන්ඩල් වලදී සොයා ගනී

නීතිවිරෝධීව මෙරටට ආනයනය කළ කහ කිලෝ 33,000 සහ උඳු කිලෝ 3,000ක් සමග කන්ටේනර් රථ 3ක් ගබඩා සංකීර්ණයක තිබිය දී පොලිස් භාරයට ගෙන තිබේ.

බ්ලුමැන්ඩල් පොලීසියට ලද තොරතුරක් මත එම ප්‍රදේශයේ වාහන අංගනයක තිබී අඩි 40ක් දිගැති කන්ටේනර් රථ තුනක එම කහ තොගය සඟවා තිබිය දී සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මොහොමඩ් රිස්වි නැමැති පුද්ගලයා ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු බ්ලුමැන්ඩල් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම නීතිවිරෝධී කහ සහ අනෙකුත් ද්‍රව්‍ය ඩුබායි රාජ්‍යයේ සිට මීට දින තුනකට පෙර මෙරටට ගෙන්වා ඇති අතර මට්ටක්කුලිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු එම භාණ්ඩ ආනයනය කර ඇති බව වාර්තා වේ.

Related posts

ජෝන් මහත්තයාගේ වයර් මාරු වෙලා.. 70, 80 පැන්නම ඔහොම තමා.. මාධ්‍යවේදීන් ඔහුව අවුස්සනවා

colombotoday

මෙහෙම ගියොත් මේ සිද්ධ වෙන මරණ වලට සෞඛ්‍ය අමත්‍යාංශය වගකියන්න ඕනේ : GAMO

colombotoday

මන්කි පොක්ස් වැලදෙන්නේ පිරිමි සම ලිංගිකයන්ට

Admin

බදුර්දීන්ට එරෙහිව හබරාදුවේ විරෝධතා

colombotoday

නීති විරෝධී ග්ලයිෆෝසෙට් ලීටර 32,000 ක් වරායේදී අත්අඩංගුවට

colombotoday

ලිංගික කටයුතු සඳහා කාන්තාවන් සපයන වෙබ් අඩවි සොයා පොලිස් මෙහෙයුම්

colombotoday