Colombo Today Local News

නීතිවිරෝධී ගිනි අවි සහ බෝම්බ සඳහා දෙන තෑගී මුදල් වැඩි කෙරේ

නීතිවිරෝධී ගිනි අවි සහ අත්බෝම්බ සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වලදී පොලිස් නිලධාරීන් සහ පෞද්ගලික ඔත්තුකරුවන් සඳහා ගෙවනු ලබන ත්‍යාග මුදල් ඉහළ නැංවීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සැකකරුවෙකු සමඟ ටී 56 ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරීන් සහ පෞද්ගලික ඔත්තුකරුවන් සඳහා රුපියල් 250,000 ක් බැගින් ත්‍යාග මුදල් ලබා දෙනු ඇති.

සැකකරුවෙකු නොමැතිව ටී 56 ගිනි අවියක් සොයාගනු ලැබුවහොත් පොලිස් නිලධාරියෙකු සඳහා රුපියල් ලක්ෂ 2 ක මුදලක් ගෙවනු ලබන අතර, පෞද්ගලික ඔත්තුකරුවෙකු සඳහ 250,000ක මුදලක් හිමිවන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මීට අමතරව රිපීටර් තුවක්කු, පතොරම් තුවක්කු පිස්තෝල, රිවෝල්වර ඇතුලු ගිනි අවි මෙන්ම අත්බෝම්බ සඳහාද ලබාදෙන ත්‍යාග මුදල් වැඩි කර තිබෙනවා.

Related posts

මේ රටේ තියෙන්නේ භික්ෂු හමුදාවක් – ඇල්ලේ ගුණවංශ හිමි

colombotoday

ආනයනික පළමු සහල් තොගය හෙට මෙරටට. – සියට අඩුවෙන් දෙනවා. ඇමති බන්දුල කියයි.

colombotoday

රිෂාඩ්ගේ බිරිය ඇතුළු සිව්දෙනා රිමාන්ඩ් | දැරියගේ මෘත ශරීරය ගොඩ ගැනීමටත් නියෝග

colombotoday

රෝහල් 600කට පුළුල් තිර රුපවාහිනී

colombotoday

යෝෂිත රාජපක්ෂ නැවතත් නාවික හමුදාවට අනියුක්ත කරයි

colombotoday

හෙරොයින් සමග යුවලක් අත්අඩංගුවේ

colombotoday