Colombo Today Local News

නීති විරෝධී ලෙස බෝට්ටුවලින් ලංකාවට පැන එන ඕනෑම අයෙක් ජාත්‍යන්තර මුහුදට එලවා දමයි

කිසිදු හේතුවක් මත ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය නොකරන ලෙස ශ‍්‍රී ලංකා රජය විසින් නීති විරෝධී සියලු සංක‍්‍රමණිකයන්ට දැනුම් දෙයි.

මෑතකදී කලාපයේ ආසන්න රටවල් ගණනාවක කොරෝනා වෛරසය උත්සන්න වීමත් සමග ශ‍්‍රී ලංකාවට මුහුදු මාර්ග ඔස්සේ පලා ඒමට ඇතැම් පිරිස් සූදානමින් සිටින්නේ යයි තොරතුරු හෙලිවීම නිසා මෙම දැනුම් දීම කර ඇත.

මේ සම්බන්දයෙන් අන්තර්ජාලය ඔස්සේ දැනුවත් කිරීම් සිදු කිරීමටද කටයුතු සූදානම් වෙමින් තිබේ.

දැනටමත් උතුරේ ප්‍රදේශ ගණනාවක නාවික හමුදා බලය තීව්‍ර කරමින් ආරක්ෂාව දිවා රැයේ තර කර ඇත.

විශේෂයෙන්ම දකුණු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට අනවසර සංක්‍රමණිකයන් කිසිවෙකු ඇතුළු නොවීමට දැනටමත් කටයුතු සූදානම් කර ඇති බව නාවික හමුදා ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

දැනුම් දීම් නොතකා මෙරට මුහුද සීමාව උල්ලංඝණ කරන ඕනෑම අයෙක් ජාත්‍යන්තර මුහුද වෙත හරවා යැවීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

Related posts

කැපූ අත්ත ධාවනය වූ යතුරු පැදියට වැටී ගුරුවරයා මරුට

colombotoday

විධායකයේ අහෝසි වීමක් නැහැ – පොදු අපේක්ෂකයා මෙවර එජාපයෙන්

colombotoday

ලංකාවේ වී වගා කරන එක අපාරාදේ.. හාල් රටින් ගෙන්වන්න පුළුවන් – මුදල් ඇමති

colombotoday

කන්දකාඩුක්වේ කොරෝනා ආසාදිතයින් 550ක්

colombotoday

භාණ්ඩ වර්ග 843ක ආනයන සීමාවක් ඉවතට

Admin

භුමදානයෙන් කොවිඩ් පැතිරුනොත් විශේෂඥ කමිටුව දඬුවම් විඳිය යුතුයි.

colombotoday