Colombo Today Sports News

නොවැක් ජොකොවිච්ට තවත් ජයක්

සින්සිනාටි විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි ශූරතාවය දිනා ගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් සමත් විය.

ඒ අවසන් තරගයේ දී කැනඩාවේ මිලෝස් රඕනික් පරාජයට පත් කරමින්ය.

සින්සිනාටි විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වුණේ සර්බියාවේ නොවැක් ජොකොවිච් සහ කැනඩාවේ මිලෝස් රඕනික් අතරයි.

ඒ අනුව ආරම්භ වු තරගයේ පළමු වටය ලකුණු 6ට 1ක් ලෙස ජය ගැනීමට මිලෝස් රඕනික් සමත් විය.

දෙවන වටය ලකුණු 6ට 3ක් ලෙස ජය ගත්තේ නොවැක් ජොකොවිච් විසිනි.

අනතුරුව තීරණාත්මක තුන්වන සහ අවසන් වටය ප්‍රබල සටනකින් පසු ලකුණු 6ට 4ක් ලෙස නොවැක් ජොකොවිච් ජය ගැනීමට සමත්විය.

ඒ අනුව අවසන් තරගය තරග වට 2ට 1ක් ලෙස ජය ගැනීමට සමත් වු නොවැක් ජොකොවිච් මෙවර සින්සිනාටි විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේය.

Related posts

වනිඳු වසරේ හොඳම විස්සයි විස්ස ක්‍රීඩකයා තේරීමේ ලැයිස්තුවට නිර්දේශ වෙයි

colombotoday

පාකිස්ථාන – එංගලන්ත දෙවන ටෙස්ට් තරගය අද

colombotoday

කොළඹ ජාත්‍යන්තර මැරතන් තරඟාවලිය ඇරඹෙයි

colombotoday

LPL විදෙස් ක්‍රීඩකයින් පිරිසක් දිවයිනට

colombotoday

නුවන් කුලසේකර මාධ්‍ය හමුවක් තබා ක්‍රිකට්වලින් සමුගයි

colombotoday

මෙසී ප්‍රේක්ෂකයින් නිසා සමුගැනීමේ තීරණය වෙනස් කරයි

colombotoday