Colombo Today Local News

පක්ෂ විවස්තාවට අනුව ජනාධිපතිවරණයට එනවා – කරූ ජයසූරියගෙන් නිවේදනයක්

ඉදිරි ජනපතිවරණයට තමන් ඉදිරිපත් වන්නේ නම් එය එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව අනුව සිදුකරන බවත් එය නිශ්චිත කාලසීමාවක් වෙනුවෙන් කරන කැපකිරීමක් බවත් කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කථානායක කාර්යාලයේ නිවේදනය

“පසුගිය සති කිහිපය තුළ ගෞරවනීය නායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය සහ අනෙකුත් පුජ්‍ය ප්‍රසාදීන් වහන්සේලා, විවිධ සිවිල් සංවිධාන ප්‍රධානීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු හා විවිධ ක්ෂේත්‍රවල බුද්ධිමතුන්, වෘත්තිකයන්, තරුණ සංවිධාන නියෝජිතයින් මෙන්ම දේශපාලන ක්‍රියාකාරින්ද විවිධාකාරයෙන් මා ඇමතුහ.

ඇතැම් පිරිස් පුද්ගලිකව පැමිණ මා හමුවු අතර තවත් අය දුරකථනයෙන් අමතමින් හා ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවන් පවත්වමින්ද මාගෙන් ඉල්ලා සිටියේ සුවිශේෂි කරුණු කිහිපයක් වෙනුවෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන ලෙසය.

එම සියලු පාර්ශවයන් ඉදිරිපත් කළ පොදු කරුණ නම්, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිමත්, පවතින දේශපාලන ව්‍යාකූලත්වය සමනය කර ශිෂ්ඨ සම්පන්න සත් පුරුෂ පාලනයක් ස්ථාපිත කිරිමත් සඳහා විශ්වාසනීය නායකත්වයක් රටට අත්‍යාවශ්‍ය හෙයින්, තමන් එම ඉල්ලිම ඉදිරිපත් කරන බවයි.

පළමුවෙන්ම මා කෙරෙහි එවන් විශ්වාසයක් රැඳවීම පිළිබඳව පුජ්‍ය පක්ෂය ඇතුළු අනෙකුත් සියලු පාර්ශවයන්ට මාගේ කෘතවේදිත්වය පිරිනමමි.

කෙසේ වුවද, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ලැබී ඇති කවර ඉල්ලිමක් වුවද මා හට සලකා බැලිය හැක්කේ, “ 1995 වසරේ සිට අප අඛණ්ඩව පෙනී සිටි විධායක ජනාධිපති ධූරය අහෝසි කරලීමේ පරමාර්ථය මුඛ්‍ය අරමුණ කොටගත් දේශපාලන බලවේග සමඟ එක්ව පමණි.

එමෙන්ම 17 වන සංශෝධනය මඟින් ඉදිරිපත් කරන ලදුව 19 වන සංශෝධනය මඟින් තහවුරු කළ දියුණු ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින පාර්ශවයන් සමඟ පමණි.

එය දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත ආර්ථික හා සදාචාරාත්මක වශයෙන් ශක්තිමත් සුරක්ෂිත දේශයක් උදෙසා පදනම සැකසීම පිණිස යම් නිශ්චිත සීමිත කාලයක් සඳහා කරනු ලබන කැපවීමක් මිස කිසිවිටකත් ජනාධිපති තනතුර අපේක්ෂාවෙන් කරන මැදහත්විමක් නොවන බවද අවධාරණය ‍කරමි.

කෙසේ නමුත් එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන කොටගත් පාර්ශවයන් නියෝජනය කරමින් එලෙස ඉදිරිපත් වන්නේ නම් එය පක්ෂයෙහි ව්‍යවස්ථාවට අනුකූලව සියලු පාර්ශවයන්ගේ ආශිර්වාදය ද සහිතව සිදුවිය යුතු බව මාගේ හැඟීමයි.”

Related posts

ජනපතිට එරෙහි පෝස්ටර ගැසුවැයි හිමිනමක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ

colombotoday

“දයාසිරිත් එක්ක තවත්නම් බෑ“… මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වේ

colombotoday

තමිල්නාඩුවේ ශ්‍රී ලංකා සරණාගතයින්ට යළි මෙරටට පැමිණීමට අවස්‌ථාව

colombotoday

මිරිහාන දී බස් 2කට ගිනිතැබූ අය සොයන්න CIDය මහජන සහය පතයි

colombotoday

දේශය නැවත ගොඩ නැගීම උදෙසා හෙළ සුර්ය වංශය ජාතික සංවිධානය පිහිටුවේ…

colombotoday

කෘෂිකර්මයේ කෝටි 132 ගිල්ල සබීතාගේ බිල්ඩිම යලි බාර දෙයි

colombotoday