Colombo Today Sports News

පළමු දිනයේදීම සුරංගගෙන් කඩුළු පහක්..

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය අද ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිනේශ් චන්දිමාල් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.. එම තීරණයට 100% ක සාධාරණයක් ඉටු කිරීමට වග බලා ගත් හිටපු නායක සුරංග ලක්මාල් විසින් නවසීලන්ත පිළේ මුල් කඩුළු හතරම අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ලීය.
ඉන් පසුව ක්‍රියාත්මක වූ ලහිරු කුමාරද කඩුළු දෙකක් ඉක්මනින්ම දවා ගැනීමට සමත් විය.
නවසීලන්ත ඉනිමට යම් ජීවයක් එක් කිරීමට හත් වන කඩුල්ලට බී.ජේ.වොට්ලින්ග් සමග එක් වූ ටිම් සවුතී වේගවත් ලකුණු 68 ක් වාර්තා කලේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ හා පන්දු රකින්නන්ගේ විශිෂ්ට හැකීයාව හේතුවෙන් නවසීලන්ත ප්‍රථම ඉනිම ලකුණු 178 කට සීමා විය.

පන්දු යැවීමේදී ,
සුරංග ලක්මාල් කඩුළු 5/54
ලහිරු කුමාර 3/49
දිල්රුවන් පෙරේරා 1/13

ඉෂාන් ප්‍රබෝධ (නිදහස් ක්‍රීඩා මාධ්‍යවේදී)

Related posts

සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද..

Admin

රොනාල්ඩෝ සෞදියේ නීතියක් කඩකරයි

Admin

ශ්‍රී ලංකාව ලකුණු 225 කට දැවී යයි

colombotoday

මෙවර ඔලිම්පික් උළෙල ප්‍රේක්ෂකයින්ට තහනම් කරයි

colombotoday

කුලසේකර ක්‍රිකට් වීරයා සමුගැනීමට ක්‍රිකට් ආයතනයෙන් තරගයක් ඉල්ලයි

colombotoday

ශ‍්‍රී ලංකා ක්‍රිකට් පිලට පුහුණුකරුවන්ගේ හිඟයක්

colombotoday