Colombo Today Local News

පළාත් සභා අයවැය අතරතුර අසභ්‍ය දර්ශන නැරඹූ මන්ත්‍රීන් තිදෙනා ගැන පරීක්ෂණ….

බස්නාහිර පළාත් සභාවේ අයවැය ලේඛනය ඊයේ සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සභාවේ ඇති පරිගණකයකින් අසභ්‍ය දර්ශන නැරඹීම සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍යවරයා විමර්ශනයක් ආරම්භ කර තිබේ.

රුපියල් බිලියන හය හමාරකට අධික මුදලක් වියදම් කර බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ ඉදිකළ බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලේ ප්‍රථම සභා රැස්වීම ඊයේ පැවැත්විණි.

අති නවීන අංගවලින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ සභා ශාලාව තුළ මන්ත්‍රීවරුන්ට වෙනම ඉන්ටර්නෙට් පහසුකම්, නවීන පරිගණකයක් පවා ලබා දී තිබේ. රුපියල් 640,000 බැගින් පුටු 150ක් මිලදී ගැනීමට සූදානම් වූයේ ද මෙම ගොඩනැගිල්ලට ය.

ලබන වසර සඳහා අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම ඊයේ පළාත් සභාවේ ප්‍රධාන කාර්ය බවට පත් වී තිබිණි. ප්‍රධාන අමාත්‍යවරයා අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 3 දෙනෙකු අසභ්‍ය දර්ශන නරඹමින් සිටිනු දැක ගත හැකි විය.

මෙසේ දර්ශන නරඹමින් සිටි ස්ථානයේ රැඳී සිටියේ ගුණසිරි ජයනාත්, සුමිත් සොයිසා සහ කීර්ති කාරියවසම් යන සන්ධාන මන්ත්‍රීවරුන් තිදෙනායි.
මෙම ක්‍රියාව නොකළ යුත්තක් බවත් ඒ සම්බන්ධ වාර්තාවක් කැඳවා ඇති බව ප්‍රධාන අමාත්‍යවරයා දන්වා ඇත.

වීඩියෝ දර්ශනය පහතින්

Related posts

බදුර්දීන්ට රජ කාලේ දඬුවම් දිය යුතුයි

colombotoday

අද මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු ඉහළට

colombotoday

ඊළාම් ඩයස්පොරා හඩ සිරිකොතෙන් ඇසේ.. හමුදා බුද්ධි ප්‍රධානියා ඉවත් කරන්නැයි දැඩි බලපෑම් !

colombotoday

ලෝක ගුරු දිනය දා විදුහල්පතිවරු කළු කොඩි ඔසවයි

colombotoday

නීති විරෝධී වත්කම් විමර්ශනයට නව පොලිස් ඒකකයක්

colombotoday

IMF ණය සහනය ගැන Fitch Ratings සහ චීනයෙන් ප්‍රතිචාර

colombotoday