Colombo Today Local News

පළාත් සභා සීමා නීර්ණ වාර්තාවට තවත් මාස දෙකක් – මැතිවරණය තවත් කල් යයි

පළාත් සභා මැතිවරණයට අදාල සීමා නීර්ණය පිලිබදව තවදුරටත් පුළුල් ලෙස
කරුනු සලකා බලා එකගතාවයකට එලඹීමට අවශ්‍යය බැවින්, සිය වර්ථාව ඉදිරිපත්
කිරීමට තව මාස 02ක පමණ කාලයක් ප්‍රමාද වනු ඇති බවට ඒ සදහා පත්කරන ලද
සමාලෝචන කමිටුව කථානායක කරූ ජයසූරිය  වෙත දැනුම් දී තිබේ.

මෙම තත්වය පිළිබඳව සලකා බැලීම සඳහා අද (21) පස්වරුවේ
කථානායක විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැදවන ලදී.

මෙම පක්ෂ නායක රැස්වීමේ දී සමාලෝචන කමිටු වාර්ථාව ඉදිරිපත් කිරීමට
තවදුරටත් කාලය ගතවන්නේ නම් ගත යුතු ඉදිරිපියවර පිළිබඳ අවධානය යොමු කරන
ලදී. පක්ෂ නායකයන් හමුවේ කථානායකතුමා අවධාරණය කලේ කවර තත්ත්වයක්
යටතේ වුවද හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය
කරුණක් බවයි.

මෙහිදී, ගරු අග්‍රාමාත්‍යතුමන් සඳහන් කලේ සීමා නීර්ණ සමාලෝචන කමිටු
වාර්ථාව තවදුරටත් ප්‍රමාදවීමට තිබෙන ඉඩකඩ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ අවධානය
යොමු කර එහි අදහස් පක්ෂ නායකයන් වෙත දැනුම්දීමට කඩිනමින් පියවර ගනු ලබන
බවයි.

Related posts

ඇඳිරි නීතිය කඩ කළ 51ක් අත්අඩංගුවේ

colombotoday

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක්

Admin

ලංකාවට යුද අපරාධ චෝදනා ගොනු කරන්න සංගරීගේ පුතාගේ යෝජනාව කැනඩාව ප්‍රතික්ෂේප කරයි

colombotoday

ඉන්දියානු ආර්ථික වර්ධන වේගය ඉහලට

Admin

හමුදාවේ 4876 දෙනෙකු සේවයෙන් ඉවත්වෙයි

colombotoday

ඉල්ලා අස්වූ අබ්දුල් හලීම් හා කබීර් හෂීම් යළි සිය අමාත්‍ය ධූරවල දිවුරුම් දෙති

colombotoday