Colombo Today Local News

පළාත් හතකට තුන්දා වැහි…

අද (11දා) සිට ඉදිරි දින දෙක (12-13) තුළදී පළාත් හතකට වැසි ඇතිවිය හැකි බවත්, සමහර ස්ථානවලට මිලිමීටර් සියය ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව මෙම කාලය තුළ නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණ, බස්නාහිර, සබරගමුව හා උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට වැසි ඇතිවන බවද කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ ශාන්ති දිසානායක මහත්මිය සඳහන් කළාය. 

මෙහිදී නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණ සහ සබරගමුව පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 තරමට තද වැසි අකුණු සහිතව ඇතිවිය හැකි බවද ඇය පවසා සිටියාය. 
මේ නිසා අකුණු අනතුරු අවම කරගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවද ඒ මහත්මිය සඳහන් කළාය.

වයඹ හා නැගෙනහිර පළාත්වලත්, මොනරාගල, හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සමහර අවස්ථාවල සුළඟෙහි වේගය පැයට කිලෝමීටර 40 දක්වා ඉහළ යා හැකි බවත්, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍ර‘දේශවල සුළඟේ වේගය තාවකාලිකව ඉහළ යා හැකි බවද ශාන්ති දිසානායක මහත්මිය කියා සිටියාය.

Related posts

උතුරෙන් හමුදාව ඉවත් කරන්න කියා මා කීවේ නෑ – ශිවාජිලිංගම්

colombotoday

හිටපු හමුදාපති දයා රත්නායක ඇතුළු නිලධාරීන් හතරකට නොතීසි !

colombotoday

ආහාර ද්‍රව්‍ය අඩංගු බාහාලුම් දහසක් කොළඹ වරායේ

colombotoday

ඇමති රියදුරු ඝාතනයට දෙදෙනෙක් බාරවෙයි

colombotoday

ඉන්දියාවෙන් ගෙනා රුපියල් කෝටි තුනක අයිස් සමග දෙදෙනෙක් අල්ලයි

Admin

බස්නාහිර බලය දෙදරයි.. මහින්දවාදීන් ස්වාධීන වීමට යයි !

colombotoday