Colombo Today Local News

“පාක්ෂිකයන් මහින්ද සමගයි.. මහින්ද එක්කර නොගත්තොත් ශ්‍රීලනිපයේ පරාජය නියතයි” දිලුම් අමුණුගම

dilim amunugamaඉදිරි පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධ කර නොගතහොත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය අන්ත පරාජයක්‌ ලැබීම වැළැක්‌විය නොහැකි යෑයි ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ඊයේ (21දා) මාධ්‍ය හමුවකදී පැවැසීය.

මෙය බිම් මට්‌ටමේ පාක්‍ෂිකයන්ගේ මතය බවත්, පාක්‍ෂිකයන් ප්‍රකාශ කරන්නේ හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසට කරන හිරිහැර නතර කර දිනන වැඩපිළිවෙළකට අවතීර්ණය විය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

එසේ නොමැති නම් පළාත් පාලන මැතිවරණයේදී වෙනම කණ්‌ඩායමක්‌ ලෙස ඉදිරිපත් වන ලෙසට පාක්‍ෂිකයන්ගෙන් දැඩි ඉල්ලීමක්‌ තිබෙන බවත් හෙතෙම පැවැසීය. මෙවැනි වාතාවරණයක්‌ මත ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය බෙදෙනවාද, එකට ඉන්නවාද යන්න පිළිබඳව පක්‍ෂ නායකත්වය හා නිලධාරී මණ්‌ඩලය තීරණයකට එළැඹිය යුතු බවත් අමුණුගම මහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ කරගෙන මැතිවරණයට ගියහොත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ සන්ධානය පළාත් පාලන මැතිවරණයට ජයග්‍රහණය කළ හැකි බවත්, ඒ සඳහා කටයුතු කිරීම සඳහා පක්‍ෂ නායකත්වයේ වගකීම බවත් හෙතෙම පැවැසීය.

Related posts

ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමට අලුත් නීති ගේන්නේ අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූලවයි

Admin

කුඩු රොෂාන්ගේ මිලියන 55ක දේපොළ පොලිස් භාරයට ගනී

Admin

රනිල් ඉරිදා අගමැති ධූරයේ දිව්රුම් දෙයි

colombotoday

වියට්නාම් ගිය මගීන්ට ලංකාවට ඇතුළු වීමට අවසර නැහැ

colombotoday

Video: මට කිවුවා තමන්ගේ ආසනය බලාගෙන ඉන්න කියලා. පක්ෂය පැරදුනාට මගේ ආසනය ඉහලින්ම දිනුවා

colombotoday

හමුදාවේ 28 ක් හිර කරන “ජිනීවා ගැටය” නිශාන්ත ද සිල්වාගෙන් | ආරක්ෂාවට ස්විස් රජය රැකවළුන් දෙදෙනකුත් දීලා.

colombotoday