World

පාකිස්තානයේ හිටපු ජනපති මුෂාරෆ්ට මරණ දඬුවම

පාකිස්තානයේ හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් මහතාට  ලාහෝර් නුවර, විශේෂ මහාධිකරණය මරණ දඬුවම නියම කර ඇතැයි  වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම හා හදිසි නීතිය පැනවීම වෙනුවෙන් රාජද්‍රෝහීව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයාට මරණ දණ්ඩනය නියම වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පකිස්තාන ත්‍රස්ත විරෝධී අධිකරණයේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

හිටපු  අගමැති නවාස් ෂරීෆ් විසින් මුෂාරෆ් මහතාට එරෙහිව 2013 වසරේදී මෙම නඩුව පවරන ලදී.

1999 වසරේදී හමුදා කුමන්ත්‍රණයකින් බලයට පත්වූ හිටපු ජනාධිපතිවරයා පාකිස්තානයේ 10 වන ජනපතිවරයා ද විය.

දැනට 76 වන වියේ පසුවන මුෂාරෆ් මහතා, 2016 මාර්තු මාසයේ සිට පාකිස්ථානයෙන් බැහැරව ඩුබායිහි වාසය කරන අතර, වෛද්‍ය ප්‍රතිකාර සඳහා එහි රැඳී සිටි බව පැවසේ.

පාකිස්තානයේ 9 වන අගමැතිවරයා වූ සුල්ෆිකාර් අලි භූතෝ මහතාවද  1979 අප්‍රේල් 4 වන දින එල්ලා මරන ලදී.

Related posts

බන්ධනාගාරගත කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇප

Admin

කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 35 පන්නයි.

colombotoday

චීනය පරදවමින් ස්පාඥ්ඥය කොරෝනා වෛරස් ව්‍යාප්තියෙන් තෙවන ස්ථානයට

colombotoday

‘ජිහාද්’ පරාජය කළ බව ට්‍රම්ප් කියයි

colombotoday

ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි අනූ පන්ලක්ෂය ඉක්මවයි

colombotoday

සෑම තත්පර 30කට වරක් කොවිඩ් රෝගී අමෙරිකානුවෙක් මිය යයි

colombotoday