Colombo Today Local News

පාර්ලිමේන්තුවට ගෙනෙන ඉඩම් පනතට මම විරුද්ධයි. ජනපති සිරිසේන කියයි

දින කිහිපයකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ඉඩම් පනතට තමන් විරුද්ධ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් හා ඊයේ (26) පැවැති සාකච්ඡාවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.
එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙලෙස කියා සිටියා.

“ඉඩම් පනතටත් මම විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙනවා. පාර්ලිමේන්තුවට දාන්න යන ඉඩම් පනතෙන් රටේ ඉඩම් පුද්ගලික අංශයේ ඕනම කෙනෙකුට ගන්න පුළුවන්. ඉඩම් භාවිතය සම්බන්ධයෙන් නීති රීති ඉවත් කර තිබෙනවා. ඉඩම් කැබලි කිරිම අනුමත කරන්නේ පළාත් පාලන ආයතන.

මේ පනතෙන් පළාත් පාලන ආයතනවලට තවත් බලතල දීලා තිබෙනවා ඉඩම් කැබලි කිරීමට. වයඹ පොල්වතු විනාශ කරන්නේප්‍රා දේශීය සභා. කුඩා ඉඩම් කැබලි කැඩීම අපේ වගේ පුංචි රටකට සුදුසු නෑ.”

Related posts

වෛද්‍ය සභා නිලවරණයේදී වෛද්‍යවරු ගැටෙති.. ගුටි ඇණගෙන කලිසම් ඉරාගනී

colombotoday

ජනපති රනිල් තෙවැනි චාල්ස් රජු හමුවෙයි

colombotoday

ඡන්ද දිනය තීරණයට මැතිවරණ කොමිසම අද රැස් වෙති. ඡන්ද පති‍්‍රකා මුද්‍රණයත් ඇරැඹෙයි.

colombotoday

දයාරතන හිමි, ඉත්තෑකන්දේ හිමි, සුදත්ත හිමි අතුළු 11ක් ඇප මත නිදහස්

colombotoday

සැගවී සිටියදී අත්අඩංගුවට ගත් රිෂාඩ් බදුර්දීන් කොටුව අධිකරණයට රැගෙන එයි

colombotoday

මිළ වැඩිකරන තුරු කිරිපිටි සමාගම් වරායෙන් තොග නිදහස් කර ගැනීම අත්හිටුවයි… රට පුරා කිරිපිටි හිගයක්…

colombotoday