Colombo Today Local News

පාර්ලිමේන්තුවේ බහුතරය අපට දෙන්න

තම පක්ෂයට පාර්ලිමේන්තුව තුළ බහුතරයක් ලබාදීමට කටයුතු කරන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මහරගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මෙතෙක් කල් මෙරට පාලන බලයට පත් වු අය සිය පවුලෙන්ම තවත් නායකයෙකු බිහි කිරීමට උත්සහ කළා මිසක රට ගොඩනැගීමට කටයුතු නොකළ බවත් එහිදී අදහස් දක්වමින් ඒ මහතා පවසයි.

ඉදිරි මහ මැතිවරණයේ දී ජනතාව ජාතික ජන බලවේගයට රට භාර දීමට සූදානම් නම් සහතික වශයෙන්ම රට හැදීමට කටයුතු කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

Related posts

සරණාගතයන් කියාගෙන ආ තවත් පාකිස්ථානුවන් 13ක් කටුනායකින් මෙරටට ඇතුල් වේ !!

colombotoday

තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමි ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

සම්පායෝ යළි රිමාන්ඩ්

colombotoday

ලොව විශාලතම ආර්නූල් මැණික් පාෂාණය රත්නපුරයෙන් හමුවේ

colombotoday

ලංකාවේන් හමුවූ දෙවන කොරෝනා ආසාධිතයාටත් සුවයි !

colombotoday

පොසොන් සතිය හෙටින් ඇරඹෙයි

Admin