Colombo Today Local News

පාර්ලිමේන්තුව කැදවන්නැයි බල කිරීමට විදේශ රටවලට අයිතියක් නෑ….

පාර්ලිමේන්තුව නැවත කැඳවන්නැයි පැවසීමට විදෙස් රාජ්‍යයකට අයිතියක් නැති බව, විදෙස් පුවත් විශ්ලේෂකයකු හා විචාරකයකු වන මොහාන් සමරනායක මහතා පැවසීය.

ඒ මහතා වැඩි දුරටත් පවසන්නේ යම් විදේශ රාජ්‍යයක්, ආයතනයක් හෝ නීති සම්පාදකයකු පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ශ්‍රී ලංකාවට පවසන්නේ නම්, ඔවුන් ශ්‍රී ලංකාවේ දේශීය අධිකරණ බලසීමාව තුළ පවත්නා කරුණු සම්බන්ධයෙන් මැදිහත් වන බවත් ඔවුන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය පිළිබඳ නොසලකා කටයුතු කරන බවත්ය.

හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව යළි කැඳවීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් ජෙනරාල් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා නයර්ට් හීදර් මෙන්ම සමහර තානාපති කාර්යාල නිකුත් කළ ප්‍රකාශ පිළිබඳ අදහස් විමසීමේ දී මොහාන් සමරනායක මහතා මෙසේ ප්‍රකාශ කළේය.

සංස්කෘතික හා ආර්ථික බලය හරහා බලහත්කාරයෙන් දුර්වල රටවල් ඔවුන්ගේ බලපෑමට යටත් කර ගැනීම සඳහා ඔවුන්ගේ අතිරේක බලතල භාවිතා කිරීම ඔවුන්ගේ අධිකාරී බලයෙහි ස්වභා‍වය බව ඒ මහතා සඳහන් කරයි. රටවල් මතට තම ආධිපත්‍යය බලපෑම් කරන, එම අධිපතිවාදී සංවිධානවල නායකයන් හා නායිකාවන් ඉදිරිපත් කරන ප්‍රකාශයන් ගෙන්, මේ දක්වා එකම අරමුණ හා නොකැලැල් ප්‍රකාශය වී ඇත්තේ

එක්සත් රාජධානියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ලෝඩ්ස්හි කොන්සර්වේටිව් සාමාජික මයිකල් මොරිස් නෙස්බි සාමිවරයා ඉකුත් අඟහරුවාදා නිකුත් කළ ප්‍රකාශය බව මොහාන් සමරනායක මහතා අවධාරණය කළේය. විදේශිකයන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීම නොකළ යුතු බව නෙස්බි සාමිවරයා පවසා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ විධායකයේ යහපත වෙනුවෙන් කටයුතු කරන බව තමා විශ්වාස කරන බවත්, මේ දක්වා ව්‍යවස්ථා විරෝධී සිදුවීම් කිසිවක් පෙනෙන්නට නොතිබෙන බවත් ඔහු පවසා ඇති බව ඒ මහතා පවසයි‍. නෙස්බි සාමිවරයා වඩාත් නිවැරැදි බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ පැවැත්වීම වැළැක්වීම සහ ඒවාට බාධා කරන අවස්ථාවේ දී මෙම රටවල් සිටියේ කොහේදැයි මොහාන් සමරනායක මහතා මෙහිදී ප්‍රශ්න කළේය. පාර්ලිමේන්තුවේ සිටින සාමාජිකයන් 52 දෙනකුට එරෙහිව සාමාජිකයන් 16 කුගේ විරුද්ධ පක්ෂය ස්ථාපිත කරද්දී ඔවුන් ඊට එරෙහිව ඔවුන් කිසිවක් පැවසුවාදැයි ඒ මහතා විමසීය.

Related posts

“රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් එපා… වැඩිය දැගලුවොත් ඇමති පට්ටමත් නෑ” – සනත් නිශාන්තට අනතුරු ඇගවීමක් !

colombotoday

ජනපතිගේ නම විකුණමින් “මලික්-සජිත්-මංගල” රවීට එරෙහි කුමන්ත්‍රණයක..!

colombotoday

එක්ස්රේ පටලවල හිඟයක්… දත් ආශ්‍රිත සියලු එක්ස්රේ පරීක්ෂණ කල් යයි…

colombotoday

Video: මාස 9කින් ආර්ථිකය ගොඩ අරගෙන පෙන්නන්න පුළුවන් – රවී කියයි

colombotoday

යාපනය ශ්‍රී නාග විහාරයේ බුදුපිළිම වහන්සේට ගල් ගසයි

colombotoday

අලියා වෙනත් පක්ෂයකට දෙන්න බැහැ – අකිල විරාජ් කාරියවසම්

colombotoday