Colombo Today Local News

පාස්කුව ලෙයින් තෙත් කළ ඉස්ලාම් ත්‍රස්තයන් අටදෙනා මෙන්න…

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අයි.එස්. ත්‍රස්ත සංවිධානය නිකුත් කළ විස්තරාත්මක නිවේදනයක මෙම ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තවාදීන්ගේ නම් ඔවුන් ප්‍රහර සඳහා යොමු වූ ස්ථාන විස්තරාත්මකව ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කළේය.

එහි දැක්වූයේ මෙම ප්‍රහාරවලින් තම සාමජිකයන් 7 දෙනෙකු ජීවතක්ෂයට පත්වූ බවයි.

ඒ අනුව කොළඹ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී සිය පුපුරණ ද්‍රව්‍ය පුපුරුවාගත්තේ අබු හම්සා  බව එම නිවේදනයේ සඳහන් විය.

මීගමුව සෙබස්තියන් පල්ලියේදී පුපුරණ ද්‍රව්‍ය පුපුරුවා ගත්තේ අබි කලිල් බවත් අබු මුහම්මද් මඩකලපුව සියොන් දේවස්ථානයේදී තම පුපුරණ ද්‍රව්‍ය පුපුරුවාගත් බවත් එහි සඳහන් වෙයි.

අබු උබායිදා (සහරාන් හසීම්), අබු අල් බාරා හා අබු මුක්තාර් කොළඹ ෂැංග්‍රීලා, සිනමන් ග්‍රෑන්ඩ් හා කිංග්ස්බරි හෝටල්වල ප්‍රහරයට පැමිණි බවත් සඳහන් විය.

දෙමටගොඩ පොලිස් නිලධාරීන් හා පැවැති ගැටුමකින් අනතුරුව අබු අබ්දුල්ලා ජීවිතක්ෂයට පත්වූ බවත් එහි සඳහන් විය.

මෙම නාමයන් ISIS ත්‍රස්තවාදී සංවිධානය විසින් ලබාදුන් අන්වර්ථ නාමයන් වන අතර මෙම ත්‍රස්තයන් මෙරට තුළ තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධව ක්‍රියාත්මක වී ඇත.

Related posts

වසන්ත මුදලිගේ රෝහල්ගත කරයි

Admin

සිසු සැරිය බස් සේවාවට අද සිට අලුතින් බස් 20ක්

colombotoday

නිල්වලා ගගේ ලවණ බාධකයේ කොටසක් ඉවත් කිරීම හෙට සිට ඇරඹයි

Admin

දකුණේ වාහන බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවත්වයි

colombotoday

කොරෝනා වැළඳී රෝහලේ සිටින පුද්ගලයා සමග සිටි තවත් පුද්ගලයෙකුට කොරෝනා වැළඳෙයි

colombotoday

ජනපති පොරොන්දුවක් ඉටු කරයි… වතු කම්කරු වැටුප රු 1000 දක්වා ඉහළට !

colombotoday