Colombo Today Local News

පාසැල් සිසුන් ගැන අවධානයෙන් සිටින්න : මත්ද්‍රව්‍යට ඇබ්බැහි කරවන උපකරණයක් ගැන පොලිසිය දැනුම් දෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් කොළඹ, ප්‍රසිද්ධ පාසල් අවට මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා නව උපක්‍රම භාවිත කිරීමට පෙළඹී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

ඒ අනුව මත්ද්‍රව්‍ය අග්‍රාහණය කළ හැකි “ඉන්හේලර්” උපකරණ පාසල් දරුවන්ට අලෙවි කිරීමට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පෙළඹී ඇති බව ඒ මහතා පැවසීය.

අද (14)දින පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව අනාවරණය කළේය.

පාසල් දරුවන්ගේ දෙමාපියන් පිරිසක් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මේ පිළිබඳව විමර්ශන ආරම්භ කළ බවත් එහිදී මෙම ඉන්හේලර් උපකරණයක් රුපියල් 15,000ක පමණ මුදලකට අලෙවි කරන බව අනාවරණය වු බවත් ඒ මහතා පැවසීය.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත් පාසල් දරුවන් භාවිත කරන උපකරණ පිළිබඳව දෙමාපියන් විශේෂ අවධානයකින් යුක්තව කටයුතු කළ යුතු බවත් ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

Related posts

මිලියන 45,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද

colombotoday

රට වෙනුවෙන් උරදුන් රණවිරුවෙක්, බෞද්ධ අන්තවාදියෙකු ලෙස හංවඩු ගසා නාවික හමුදාවෙන් නෙරපයි !

colombotoday

සංහිදියා කයිවාරුකරුවන්ගේ රෙදි ගැළවී වැටෙයි.. සමස්ථ දෙමළ ජනතාවටම ලැජ්ජා කරමින් දෙමළ අන්තවාදීන් තරම පෙන්වයි !

colombotoday

ජපානයේත් ප්‍රබල භූ කම්පනයක්

Admin

උතුරු-නැගෙනහිර ප්‍රශ්න ව්‍යවස්ථාවෙන් විසදන්න බෑ – කාදිනල් තුමා

colombotoday

අවුරුදු 60 සම්පූර්ණ වූ සේවකයින් 300ක් සේවයේ රදවා ගන්න දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර

Admin