Colombo Today Local News

පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක්කළ අයෙකුට වසර 10ක බරපතළ වැඩ සහිතව සිරදඬුවම්

බාලවයස්කාර පිරිමි දරුවෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ අයෙකුට වසර 10ක බරපතළ වැඩ සහිතව සිරදඬුවම් නියම කර තිබේ.

කොළඹ ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි පිරිමි දරුවෙක් 2013 වසරේදී බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ලැබී ඇත.

ඒ අනුව, අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මඟින් සිදුකළ විමර්ශනයකින් පසු, කොළඹ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමෙන් අනතුරුව, නීතිපතිවරයා විසින් සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණය වෙත නඩුවක් ඉදිරිපත් කිරීමෙන් පසුව, මහාධිකරණය විසින් නඩුව විභාග කොට 2020 වසරේ අගෝස්තු මාසයේ දී සැකකරු වරදකරු කොට තිබේ.

එසේ වරදකරු බවට ඔප්පු වූ චූදිතට අධිකරණය විසින් වසර 10ක බරපතළ වැඩ සහිතව සිරදඬුවම් නියම කළ අතර, ඊට අමතරව රු. 10,000/=ක දඩ මුදලක් ද නියම කර ඇත.

එම දඩ මුදල නොගෙවන්නේ නම්, මාස 8ක සිර දඬුවම් නියම කර ඇති අතර, මෙම නඩුවේ වින්දිත බාලවයස්කාර පිරිමි දරුවාට රු. 50,000/=ක වන්දි මුදලක් ගෙවීමට ද නියම කර තිබේ.

තවද, එම වන්දි මුදල වින්දිත දරුවාට නොගෙවන්නේ නම්, වසර 1ක සිර දඬුවම් ලබා දීමට ද නියම කර ඇත.

Related posts

ෆොන්සේකාගේ අමාත්‍යධූරයට තට්ටු වේ? තීරණය ගන්න ජනපති – අගමැති අතර හමුවක් !

colombotoday

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුමට අත්සන් තබයි

colombotoday

ජිනීවා පරීක්ෂණයේදී ලංකාවට බැට දෙන හැටි කියන්න නවනීදන් පිල්ලේ දෙමළ ඩයස්පොරාව කැදවයි, TNA 3 කුත් හොරෙන්ම ගිහින්

colombotoday

නාරාහේන්පිට රෝහලට අත් බෝම්බයක් ගෙන ආ පුද්ගලයා අල්ලයි

colombotoday

2024 අයවැය යෝජනා අද පාර්ලිමේන්තුවට

Admin

කෝවිඩ් – 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළට

colombotoday