Colombo Today Local NewsCovid 19

පිලිපීනයේ මැනිලා අගනුවර වසා දැමේ !

ඕස්ට්‍රේලියාව එරටට ඇතුළු වන සියලුම විදේශිකයන් දින 14 ක කාලයක් නිරෝධායනය කිරීම අනිවාර්ය කර තිබේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙන එම නව නීතියට අනුව විදේශ යාත්‍රා ඕස්ට්‍රේලියාවට ඇතුළුවීම ද දින 30 ක කාලයකට තහනම් වනු ඇති.

නවසීලන්තය ද මීට පෙර එවැනිම නීති ක්‍රියාත්මක කළේ ය.

කොරෝනා මර්දන කැබිනෙට්ටුව යනුවෙන් නම් කළ නව කැබිනට් මණ්ඩල හමුවේදී ඕස්ට්‍රේලියානු අගමැතිවරයා එම තීරණ ප්‍රකාශයට පත්කළේ ය.

මේ අතර ඉතාලියෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 1441 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එරටින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 21157 කි.

මේ අතර කොරෝනා වෛරසය මෙම වසර පුරා පැවතිය හැකි බවට මෙක්සිකෝව අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

ජපානයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1484 ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ මරණ 29 ක් වාර්තාවන පසුබිමකදීයි.

ඉන්දියාව කොරෝනා වෛරසය විනාශකාරී තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කළේ, එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 84 ක් දක්වා ඉහළ ගොස් ඇති පසුබිමකදීයී.

දිල්ලියේ ප්‍රථම කොරෝනා ආසාදිතයා සම්පූර්ණයෙන් සුවය ලැබී ය.

පිලිපීනය, මිලියන 12 ක ජනගහනයක් දිවිගෙවන මැනිලා අගනුවර මුද්‍රා තැබීමට පියවර ගත්තේ ය.

මේ අනුව කිසිවකුට මැනිලා නුවරට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට හැකියාවක් නොමැත.

වෛරස් ව්‍යාප්තිය හමුවේ විශේෂ සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ලෙබනනය පියවර ගත්තේ ය.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ ලිබියාව ද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ය.

විදෙස් මාද්‍ය වාර්තා කළේ, එරට රජය ,ගුවන්තොටුපළ සහ වරාය වසාදැමීමට ද පියවර ගෙන ඇති බවයි .

කුවේට් රාජ්‍යය, සාප්පු සංකීර්ණ, රූපලාවන්‍යාගාර සහ ලමා විනෝද මධ්‍යස්ථාන වසා දැමී ය.

කොරෝනා හමුවේ අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තය, අමෙරිකානු ජනාධිපතිවරණයට අදාළ අපේක්ෂකයින් තෝරා පත්කරගැනීමේ මූලික ජන්ද විමසීම ලබන මැයි 19 වැනිදා දක්වා කල්දැමී ය.

අමෙරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කොරෝනා වෛරසය මර්දනය ආධාර පැකේජයක් සම්මත කරගනු ලැබී ය.

මේ යටතේ නොමිලේ කොරෝනා ආසාදිත දැයි පරීක්ෂා කරගැනීමේ අවස්ථාව මෙන්ම වැටුප් සහිත නිවාඩු ද හිමිවනු ඇති.

ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ලොවපුරා 5000 කට වැඩි පිරිසකට මරු කැඳවූ මෙම වෛරෙසයෙන් අමෙරිකානු ආර්ථිකය අවපාතයකට ලක්වනු ඇති බවයි.

මේ අතර කළබල වී භාණ්ඩ මිලදී ගැනීමෙන් වලකින්නැයි බ්‍රිතාන්‍ය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියේ ය.

සිය රටේ සිටින වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයන්ට මාස හතරක කාලයක් හුදෙකලාව ජීවන් වන්නැයි දැනුම්දීමට බ්‍රිතාන්‍ය තීරණය කර තිබේ.

ඉදිරි දිනවලදී යුදසමයට සමාන නීති ක්‍රියාත්මක කිරීමට බ්‍රිතාන්‍ය රජය සුදානම් වන අතර එහිදී හෝටල් පරිශ්‍ර ඇතුළු ගොඩනැගිලි, තාවකාලික රෝහල් ලෙස යොදා ගැනීමට නියමිතයි .

මේ වනවිට ලොවපුරා වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 5800 කි.

ලොව පුරා ආසාදිතයන් එක් ලක්ෂ 53 864 ක් වාර්තා වේ.

Related posts

පෝර්ට් සිටී නව ගිවිසුම අත්සන් තැබේ.. චීනයට අක්කර 257 ක්.. පැරණි ගිවිසුමටත් වැඩියෙන් මුහුද ගොඩකරයි

colombotoday

ගම්මන්පිල කළු කොඩි ඔසවයි

colombotoday

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ලේකම් සමන්ති ජයමාන්න කොමසාරි මණ්ඩල තීරණ කුණු කූඩයට දමයි

colombotoday

‘පෞද්ගලික බස් කර්මාන්තයට අයවැයෙන් කිසිදු සහනයක් නෑ’

Admin

අවදානම් තත්ත්වය දැනුම්වත් කල නිවසක් මතට පස් කන්දක් කඩාවැටී 4ක් අතුරුදන්

colombotoday

උදයංග වීරතුංග අල්ලන්න ඉන්ටර්පෝල් වරෙන්තුවක් !

colombotoday