Colombo Today Local Newsfeatured

පිළිකා රෝහලට යැයි පවසමින් මුදල් රැස් කල මොහොමඩ්ගේ වංචාව එලියට

Pet CT Scanner යන්ත්‍රය මිලදී ගැනීම සඳහා MSH මොහොමඩ් නැමැත්තා විසින් පවත්වාගෙන යන කජිදා පදනම නැමති පුද්ගල සංවිධානය මහරගම ලංකා බැංකුවේ 71275069 අංක දරන ගිණුමට මුදල් රැස් කිරීමට පියවර ගෙන තිබුනත් ඒ සඳහා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ලේඛම්වරයාගෙන් සහ ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලෙන් පුර්ව අනුමැතිය ලබාගෙන නොමැති බව කළමනාකරණ විගණන වාර්තාවේ සඳහන් කර ඇති බව අද (12) පැවැත්වූ මාධ්‍ය හමුවකදී බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කර සිටියා.

කජිදා පදනම Fight Cancer Trust (guarantee) Ltd යන ලිපි ශිර්ෂ භාවිතා කරමින් තම සංවිධානය පවත්වාගෙන යන අතර මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් එම සංවිධානය විසින් කිසිදු මුදලක් ලබාදී තිබුණු බව තහවුරු නොවූ බවත් එවැනි තත්වයක් යටතේ මහජන මුදල් රැස්කිරීම සඳහා අනිසි අධිකාරි බලයක් එම පදනම වෙත ලැබී තිබේද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් එම විගණන වාර්තාව මගින් පෙන්වා දී ඇත. මහජන මුදල් රැස් කිරීමට බාහිර පාර්ශවයට ලබාදී ඇති බලය වහාම අහෝසි කිරීමට කටයුතු කළ යුතු බවට විගණන වාර්තාව මගින් නිර්දේශ කර ඇති බවත් ඥානසාර හිමියෝ පැවසූහ.

Pet CT Scanner යන්ත්‍රය මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කර තිබූ අවම ලංසුවට එය ලබා නොදී වැඩිම ලන්සුව ඉදිරිපත් කර තිබූ ලංසුකරුට කොන්ත්‍රාතුව පිරිනමා ඇති බවත් එම වාර්තාවේ සඳහන් කර ඇති බව පෙන්වා දුන් ඥානසාර හිමියෝ පාස්කු ප්‍රහාරය එල්ල වූ අප්‍රේල් 21 දිනට පසුදින එනම් අප්‍රේල් 22 ක රුපියල් මිලියන 20 ක් මෙම ගිණුමට ලැබී ඇති බවත් අප්‍රේල් 23 වන දින මිලියන 2ක් ගිණුමට ලැබී ඇති බවත් අවධාරණය කර සිටියහ..

2019-5-30 දින මහරගම අපේක්ෂා රෝහලේ ගණකාධිකාරීවරයා විසින් සෞඛ්‍ය ලේඛම්වරයා වෙත ලිපියක් යොමු කර ඇති බවත් එම ලිපිය මගින්
fight cancer trust නැමති පුද්ගල සංවිධානයක් විසින් රු.මි.1000 ක් වටිනා ටෝමෝ තෙරපි යන්ත්‍රයක් මිලදී ගැනීමට යැයි පවසමින් මුදල් රැස් කරන බව දන්වා ඇති බවත් උන්වහන්සේ පැවසූහ.

කොටි දෙකක් වැයකර පෙට්‌ යන්ත්‍රයක් 2017 වසරේදී මුදල් රැස්කර මිලදී ගත් බවත් එය වැරදි බව පෙන්වා දෙමින් රජයේ විගණන අංශය වෙතින් පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාවට නිර්දේශ කර ඇති බවත්, නව ව්‍යාපෘතිය යටතේද වැරදි සිදුවන බවත් ගණකාධිකාරීවරයා පෙන්වා දී ඇත.

මෙම සංවිධානය සුදුසු ව්‍යාපෘතියක් අනුමත කර නොමැති වීමත්, සමාජ සේවා අමාත්‍යාංශයේ ලියාපදිංචි කර නොතිබීම. මෙම සංවිධානය අවබෝධතා ගිවිසුමක් අත්සන් කර නොතිබීම. මෙම සංවිධානය වෙතින් කිසිදු මුදලක් මේ සඳහා පරිත්‍යාග කර නොතිබීම. යන කරුණු ගණකාධිකාරීවරයා ලිපිය මගින් පෙන්වා දී ඇත.

මෙලෙස අපේක්ෂා රෝහලට යැයි පවසමින් එකතු කරන මුදල් ජාතික සෞඛ්ය අරමුදලට ලබා දෙන බවත් අපේක්ෂා රෝහලට කිසිම මුදලක් නොලැබෙන බවත් මෙම මුදල් එකතු කිරීම විනිවිදභාවයෙන් යුතුව සිදු නොවන බවත් ඥානසාර හිමියෝ අවධාරණය කර සිටියහ.

MSH මොහොමඩ් නැමැත්තා විසින් විකිරණ මැෂින් 1ක් ලබාගැනීම සඳහා මුදල් රැස් කිරීම සිදුකලද දැනට එවැනි යන්ත්‍ර 3ක් රෝහලේ තිබෙන බවත් මීළඟ සතියේදී එම මැෂින් භාවිතයට යොදාගන්නා බවත් තවත් යන්ත්‍රයක අවශ්‍යතාවය රෝහලට නොමැති බව රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසූ බවත් ඥානසාර හිමි පැවසීය.

2014 සිට 2019 දක්වා කෙටි කාලයක් තුල මෙම පුද්ගලයා අතිවිශාල ධනස්කන්දයක් තිබෙන ධනවතෙක් වී තිබෙන බවත් රෝහලේ නම භාවිතා කරමින් සිදුකෙරෙන මුදල් රැස් කිරීම් පිළිබඳව රෝහල් අධ්‍යක්ෂකවරයා මිරිහාන සහ මහරගම පොලිසිවලට පැමිණිලි කර ඇති බවත් රෝහල් අධ්‍යක්ෂකවරයාගේ නිළ කාමරය පුපුරුවා දමන බවට 2019 අප්‍රේල් මාසය මුලදී මොහොමඩ් නැමැත්තා රෝහල තුලදීම අඅධ්‍යක්ෂකවරයාට තර්ජනය කර ඇති බවත් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කලත් නිසි විමර්ශනයක් සිදුවී නැති බවත් ඥානසාර හිමියෝ අවධාරණය කර සිටියෝය.

Related posts

ලෝකයම හෙල්ලූ ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ දේශමාමක කතාවේ සිංහල පරිවර්ථනය

colombotoday

මහ මැතිවරණයට ‘පොහොට්ටුව‘ සන්ධානයෙන්…

colombotoday

අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ කොස්තාපල් ගෙදර යවයි

Admin

කෝප් කමිටුව ගැන සාකච්ඡා කරන්න පක්ෂ නායකයින් අද රැස්වෙයි

Admin

කතරගම 400ක් ගිනි පාගයි

colombotoday

“පාදඩ මාධ්‍යකරුවන් සහ මිනීමරු සහෝදරයන් හිරේ යවනවා” හිරුණිකා හිරු රෑපවාහිනියට බැනවදී

colombotoday