Colombo Today Local News

පුත්තලම කාසන්තිව් රජයේ කැලෑව ඩෝසර් කරලා

පුත්තලම කාසන්තිව් රජයේ කැලෑව නීති විරෝධී ආකාරයෙන් ඩෝසර් කරමින් තිබියදී අද (17) දින ඒ සඳහා යොදා ගත් යන්ත්‍ර සූත්‍ර අත්අඩංගුවට ගත් බවත් මෙම කටයුතු මෙහෙයවු සැකකරුවන් සම්බන්ධව අධිකරණයට වාර්තා කරන බවත් පුත්තලම දිසා වන නිලධාරි භාරත දිසානායක මහතා පවසයි.

පුත්තලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් මනතිව් ග්‍රාම නිළධාරි වසමට අයත්  කාසන්තිව් රජයේ කැලෑවට මෙසේ ඩෝසර් යන්ත්‍ර තුනක් යොදා ගනිමින් කඩොලාන සහිත භුමියද ඇතුළු අක්කර 40 කට ආසන්න භුමියක් මෙසේ ඩෝසර් කර ඇති බව වන සංරක්ෂණ නිළධාරින් පවසයි.

මෙම ප්‍රදේශය රක්ෂිත වනාන්තරයක් කිරීමට සුදානම් කර තිබියදී මෙම විනාශය සිදුකර ඇති බව පරිසරවේදින් චෝදනා එල්ල කරයි.

අදාල ඩෝසර කිරීම සිදුවන අවස්ථාවේ  එය වැටලිමට ගිය  වන ජීවි නිළධාරින්ගේ සහායට පුත්තලම විශේෂ කාර්ය බළකා නිළධාරින්ද එක්විය.

Related posts

ටජිකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්

Admin

ආණ්ඩුව පෙරළා දමනවා – ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

colombotoday

විදේශ ඇමති සබ්රි අමෙරිකානු ජනපති බයිඩන් හමුවෙයි

colombotoday

අතුරුදන්ව සිටි විදෙස් ජාතික හිමිනමකගේ දේහය රත්ගම කලපුවේ

colombotoday

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ වෙඩි තැබීමක්. නිලධාරීන් තිදෙනෙක් ජීවිතක්ෂයට

colombotoday

අයවැයට සහ වැට් පනතට කතානායක සහතික

Admin