Colombo Today Local News

පුතාට රිය අනතුරක්… ගම්මන්පිලට ඕස්ට්‍රේලියාවට යෑමට අවසර

පිවිතුරු හෙල උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට මේ මස 19 වනදා සිට මසක කාලයක් විදෙස් ගතවීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද අවසර ලබා දුන්නේය.

ඒ අනුව ඔහුට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලික ඉවත් කළ මහාධිකරණ විනිසුරුවරයා ඒ පිළිබඳව ආගමන විගමන පාලකවරයා දැනුවත් කරන ලෙස නියෝග කළේය.

තමාගේ අවුරුදු 10ක් වයසැති පුත්‍රයා ඕස්ට්‍රේලියාවේදී රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර සිටින බැවින් ඔහුව බැලීම යාම සඳහා අවසර ලබාදෙන ලෙස මන්ත්‍රීවරයා අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර ඇත.

Related posts

ජාතික ගීය දෙමළෙන් ගයනවට විරුද්ධ වන්නේ රට බෙදන්න කැමති අයයි – අජිත් පී පෙරේරා

colombotoday

සංස්කෘතියට පහර ගසන ITN fm රේඩියෝ නාට්‍යයට එරෙහිව පොලිස් පරීක්ෂණ

colombotoday

නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම මාරාන්තික උපවාසයක !

colombotoday

පෙම් යුවළක් දියේ ගිලී අතුරුදන්

Admin

කොළඹ සරත් එක – විමල් දෙක

colombotoday

දළදා වන්දනාවට උණ්ඩයක් රැගෙන ගිය කතක් මාට්ටු

colombotoday